කාන්තාවන් ඉස්සරහ තියන් ඇමති ලංසා මීගමුවේදි කුණුහරුප කියල…..

0
156

lansa 11NGB rallyමීගමුවේ පැවැති මහින්ද රාජපක්ෂ පෙරටු කොට ගත් රැස්විම ගැන ඇති රසකතා සහ කුණු කථා බොහෝය.
බස්වලින් සෙනග අදින කථාව දැන් පරණය. එහෙත් මීගමුවේදිත් සිදුව තිබුනේ එයයි.
කෙසේ වෙතත් බස් වලින් වැඩියෙන්ම කැදවාගෙන විත් තිබුනේ කාන්තාවන්ය.
මේ බහුතරයක් දෙනා ඇමති ලංසාගේ රයිස් කුකර් මිතුරු සමාජයේ අයවලුන් විය හැක.
කාන්තාවන් ඉස්සරහින් තියාගෙනම ඇමති ලංසා විසින් මීගමුවේදි කරන්නට යෙදුන කතාව ඉතාමත් අශෝභන එකක් බව එහි ගොස් සිටි බහුතරයක් කාන්තාවන්ගේ පොදු මතය වි තිබේ.
ලංසාට කියන්නට වැදගත් දේවල් නැති නිසාදෝ ඔහු විසින් සිය මව්වරුන් සොහොයුරියන් සේ සලැකිය යුතු කාන්තවන් පිරිසක් ඉදිරියේ මීගමුව රැස්විමේදි  ලංසා කියා තිබුනේ එහි මහින්ද සහ රනිල් ගැන දෙපැත්ත කැපෙන කථාය .
දේශපාලනයේදි ප්‍රතිවාදියා බරපතල විවේචනයකට ලක්කළ යුතුව ඇත.
එහෙත් එය අප්‍රසන්න අන් අයට අාසා  සිටිය නොහැකි ආකාරයේ කථාවක් නොවිය යුතුය.එහෙත් ඇමති ලංසා මීගමුව රැස්විමේදි  කර තිබුන් තමන් වාචාලයෙකු යැයි සිය අප්පච්චි ඉදිරිපිටදිම ඔප්පු කර පෙන්විමයි.
ලංසාගේ මේ අශෝභන කථාව ගැන ඔහුගේම පක්ෂයේ දේශපාලනඥයක් පවා සිටින්නේ නොසතුටින්ය.