යුක්තිය තාජුඩීන් වෙනුවෙන් පමණක්ද??

0
215

 

11060840_949162185141107_7822749056185621734_n

මීට දෙවසරකට පෙර අභිරහස් ලෙස මියගිය කැලණි හා රුහුණු සරසවි ශිෂ්‍ය ක්‍රියාධරයන් දෙදෙනාගේ මරණ සම්බන්ධයෙන් සත්‍යය හෙළිදරව් කරන ලෙස අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නව ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි. ඊයේ (26) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එහි කැඳවුම්කරු නජිත් ඉන්දික කියා සිටියේ මෙම මරණ හදිසි අනතුරක් ලෙස හුවා දැක්වීමට පොලිසිය කටයුතු කරමින් සිටිය ද, ඒවා සාවද්‍ය මිනිස් ඝාතන බවට සැක කිරීමට ප්‍රමාණවත් සාක්‍ෂි ඇති බව ය.

“හදිසි අනතුරකදී මහේස්ත්‍රාත් පරීක්‍ෂණයකින් තොරව මළ සිරුරු ඉවත් කරන්නේ නැහැ. එහෙත් මෙතැනදී පොලිසිය එවැනි පිළිගත් ක්‍රියා පටිපාටීන්ට පටහැනිව ඔවුන් දෙනොගේ සිරුරු රැගෙන ගොස් තියෙනවා,’ යැයි අවිවිශිබම කැඳවුම්කරු කියා සිටියේය. ඒ වන විටත් පණ තිබූ හෙයින් තුවාලකරුවන්ගේ ජීවිත බේරා ගැනීමට එසේ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක විසින් එවකට කියා සිටියද, අදාළ අනතුරින් මොහොතකට පසුව පොලිසිය අසල්වාසීන්ගෙන් මළ සිරුරු දෙකක් වැසීමට යැයි පවසමින් ගෝනි මළු ඉල්ලා ඇති බවද ඔහු පෙන්වා දුන්නේ ය.

මෙම සිදුවීමෙන් කැලණි සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති ජනක බණ්ඩාර ඒකනායක සහ රුහුණු සරසවියේ ශිෂ්‍යයෙකු වූ සිසිත ප්‍රියංකර ද සිල්වා යන සරසවි සිසු ක්‍රියාධරයෝ මරණයට පත් වූහ.

ඡායාරූප සාක්‍ෂි

“සිරුරු වැටී තිබුණු අකාරය, බයිසිකලයට හානි වී තිබු ආකාරය, ඔවුන්ගේ ශරීර වල තිබු තුවාල, ප්‍රදේශවාසීන්ගේ හා රෝහල් සේවකයන්ගේ ප්‍රකාශ නිසා මේ හදිසි අනතුරු කතාව ගැන තද බල සැකයක් මතු වන බව” පෙන්වා දුන් අවිවිශිබම නායකයා මේ සම්බන්ධයෙන් නඩු විභාගයක් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙමින් ඇති බවද ප්‍රකාශ කළේය.

“සිද්ධියට අදාළ ඡායාරූප පවා අපට ලැබුණා. ඒ සම්බන්ධයෙන් අපිට ඇති සැකය සහ සාක්ෂි අපි අධිකරණයට ඉදිරිපත් කරණු ලැබුවා. නඩු විභාගය ගැන පොලිසියේ හා රජයේ පාර්ශවයේ හැසිරීම හරිම ප්‍රශ්නකාරියි. රස පරීක්ෂක වාර්තාව පොලිසියට අවශ්‍ය විදිහට සකස් කර ගත්තේ මේ මරණ හදිසි අනතුරකින් සිද්ද වුණා කියන්නයි .”

වැඩ වර්ජනයක නියැලී සිටි සරසවි ආචාර්යවරුන්ගේ සංගමය විසින් දියත් කරන ලද පා ගමනට සහයෝගිතාව පළ කරනු වස් අවිශිබම විසින් සංවිධානය කළ විරෝධතා පෙළපාලිය පේරාදෙණියෙන් ආරම්භ වූයේ 2012 සැප්තැම්බර් 24 වෙනිදා ය. පා ගමන 26 වෙනිදා වන විට යක්කලට ළඟා වූ අතර කොළඹ සරසවිය දක්වා පසු දිනයේ ගමන් කෙරෙන පෙළපාලියේදී බෙදා හැරීමට අවශ්‍ය අත් පත්‍රිකා තොගයක් රැගෙන ඒමට 27 වෙනිදා අලුයම මෙම සිසුන් දෙදෙනා නුගේගොඩ දෙල්කඳ ප්‍රදේශය බලා පිටත්ව ගොස් ඇත්තේ යක්කල නගරාසන්නයේ තාවකාලික නවාතැනක සිට ය. එහෙත් කොළඹ – නුවර පාරේ ඉඹුල්ගොඩ පාසැල අසළ දී ඔවුන් ගමන් ගත් යතුරු පැදිය මෙම අනතුරට මුහුණ දී තිබේ.

දුරකථනය අස්ථානගතයි

සිද්ධියෙන් මරණයට පත් ජනක බණ්ඩාර ඒකනායක ශිෂ්‍යයාගේ ජංගම දුරකථනය අස්ථාන ගත වීමත්, අදාළ දුරකථනයෙන් ලබාගත් ඇමතුම් පිළිබඳ සේවා දායක ජානක එ්කනායක
ජානක එ්කනායක
මොබිටෙල් සමාගම වෙතින් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අධිකරණය විසින් කරන ලද නියෝගයට අනුව පොලිසිය විසින් ඉදිරිපත් කරන ලද සවිස්තරාත්මක බිල්පත්වල සිදුවීමට ආසන්න සතියක කාලය තුළ ගන්නා ලද කිසිදු ඇමතුමක් සඳහන් නොවීමත් බරපතල සැක මතුකරන බව නජිත් ඉන්දික කියා සිටියේය.

‘පොලිසිය ඉදිරිපත් කළ බිල්පත් සැක සහිත නිසා, අපි විසින් එම සමාගමෙන්ම වෙනත් ශිෂ්‍යයෙකුගේ දුරකථනයකට අදාළ සවිස්තරාත්මක බිල්පතක් ලබා ගැනීමට කටයුතු කළා. එම සිසුවාගේ දුරකථනයෙන්, මියගිය ජනක බණ්ඩාරගේ දුරකථනයට අවසාන සතියේ දී ගත් සියලු ඇමතුම් විස්තර අපි ලබාගත් බිල්පතේ සඳහන් වෙනවා. එහෙමනම් ඊට සමානව ජානක බණ්ඩාරගේ දුරකථනයේ ද සටහන් විය යුතු ඒ ඇමතුම් විස්තර සියල්ල පොලිසිය මකා දැම්මේ ඇයි කියන එක පැහැදිලි සහ සාධාරණ සැක මතුකරනවා’.

‘FUTA සිසුන් අමතක කිරීම කණගාටුදායකයි’

මෙම පුවත්පත් සාකච්ඡාවට මියගිය ශිෂ්‍යයින්ගේ පවුල් නියෝජනය කරමින් සහභාගී වූ සිසිත ප්‍රියංකරගේ ඥාතියෙකු වන වසන්ත ප්‍රියදර්ශන කියා සිටියේ තම ඥාති පුත්‍රයාගේ සිරුරේ බරපතල තැලුම් සහ උල් ආයුධයකින් ඇනීමෙන් ඇතිවු තුවාල දක්නට ලැබුණු නිසා අදාළ මරණය රිය අනතුරක්ය යන පොලිසියේ ප්‍රකාශයන් තමන් ප්‍රතික්‍ෂේප කරන බවයි.

මාධ්‍ය සාකච්ඡාවට පෙර දුරකථන මාර්ගයෙන් JDS හා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ අවිවිශිබම කැඳවුම්කරු කියා සිටියේ මෙම ශිෂ්‍යයින්ගේ මරණ සරසවි ආචාර්යවරුන්ගේ සංගමය විසින් දියත් කළ වැඩ වර්ජනයට සහාය පළ කළ ක්‍රියාමාර්ගයකදී සිදු වූවක් වූ නමුත් වත්මන් ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය සඳහා ඉකුත් මැතිවරණය තුළ පෙනීසිටි ආචාර්ය සංගම් නියෝජිතයන් මේ සම්බන්ධයෙන් කිසිදු ආකාරයක විධිමත් පරීක්‍ෂණයක් ඉල්ලා නොසිටීම කණගාටුදායක බව ය

මෙම සිසු ඝාතනය සම්බන්ධයෙන් එම සිදුවීමෙන් සතියකට පසු පුවත්පතක පලවූ ලිපියක් හා lankaenew හෙළිදරව්ව පහත පලවේ.
———————————————————————————
පරස්පර කතා මැද සිසු ඝාතනය තහවුරු වන හැටී.
“උන් මැරුණ එක හොඳයි. හිටිය නං අපට කරදරයි” – 2012 නොවැම්බර් 17 – ලක්ෂ්මන් වසන්ත – මාතලේ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී
”ඇක්සිඩන්ට් එක වෙනවා මම දැක්කා. එතකොට වෙලාව පාන්දර 3.10 ට විතර ඇති. මම ඉස්පිරිතාලෙට යන ගමන් හිටියේ. වේගයෙන් ආපු සුදු පාට කාර් එකක් පාර හරහා දැම්මා. මෝටර් සයිකලයේ ආපු දෙන්නා ඒකෙන් බේරෙන්න සයිකලේ දකුණට හැරෙව්වා. ඊට පස්සේ ලයිට් කණුවෙ වැදුණා.” – 2012 සැප්තැම්බර් 27 රිය අනතුර දුටුවේ යැයි කියන පුද්ගලයා.
”ගම්පහ අධිකරණය මේ සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාවක් සහ දුරකථන දත්ත සටහන් ලබා දෙන ලෙස නියෝගයක් දුන්නා. නමුත් එම දුරකථන සමාගම ලබා දුන්න දත්ත සටහන් සැක සහිතයි. ජානකගේ දුරකථනයේ ආසන්න දිනවල ඇමතුම් ගත්ත දත්ත සටහන් මකා දමලා. රස පරීක්ෂක වාර්තාව තවම ලැබිලා නැහැ. මේ අනතුර පිටුපසත් ඒ පිළිබඳ කෙරුණු පොලිස් පරීක්ෂණවලත් දිගටම බරපතළ පරස්පරතා මතු වුණා.” – 2013 ජනවාරි 29 – සංජීව බණ්ඩාර
‘‘ඇයි ඒක ගැන අහන්නේ? ඒ දෙන්න මැරුණා. තවම තේරුණේ නැද්ද සිද්ධ වුණේ මොකක්ද කියලා. ඕක වාහන ඇක්සිඩන්ට් එකක් නෙවෙයි. ඊට එහා දේවල් මගෙන් අහන්න එපා. ඔය නඩුවෙනුත් වැඩක් වෙන එකක් නැහැ.’’
2012 සැප්තැම්බර් 27 ගම්පහ ඉඹුල්ගොඩ දී රිය අනතුරකින් මියගිය බවට ප‍්‍රකාශ වූ සරසවි සිසුන් දෙදෙනාගේ මරණ සම්බන්ධයෙන් ඊට මසකට පසු ආරක්ෂක අංශ නිලධාරියකු මෙම ලියුම්කරු සමඟ ප‍්‍රකාශ කළේය. එම අනතුර පිළිබ`ද විමසීම ඔහුට දැඩි පීඩනයක් වී තිබුණි.
එදින සිසුන් දෙදෙනා සිය නවාතැනින් පිටත් වූයේ අලූයම 3.00 ට පමණය. ඒ ගම්පහ බණ්ඩාරනායක විදුහල අබියසිනි. අනතුර දුටු තී‍්‍රවීල් රියැදුරකු පොලිසියට ඒ බව දැනුම් දී ඇත. සිද්ධිය දුටු බව කියන තී‍්‍රවීල් රියැදුරාගේ එම ප‍්‍රකාශය පරිදි සිසුන් පැමිණි යතුරු පැදිය වේගයෙන් පැමිණියේ නම්, ඔවුන් පිට වූ ස්ථානයේ සිට විනාඩි 3 ක් 4 ක් ඇතුළත සිද්ධිය වූ ස්ථානයට පැමිණිය යුතුව තිබුණි.
අලූයම 3.00 ත් 4.30 ත් අතර අනතුර සිදු වූයේ නම් පැය 1 1/2 ක කාලය තුළ තී‍්‍රවීල් රියැදුරෙක් හැර එතැන පසු කරමින් නුවර – කොළඹ මාර්ගයේ කිසිවකුත් ගමන් ගෙන නැතැයි කියන ප‍්‍රකාශය ගැටලූසහගතය. කෙසේ වෙතත් ගම්පහ පොලිසියේ නිලධාරීන් පවසනා පරිදි මෙම අනතුර පිළිබඳ දැනුම් දීම සිදු කර ඇත්තේ නාවික හමුදාවේ බව කියාගත් පුද්ගලයකු විසිනි. අනතුර වූවා යැයි කී ස්ථානයට ප‍්‍රථමයෙන් ගිය පොලිස් නිලධාරීන් පවසන්නේ දැනුම් දීම සිදු කළ නාවික හමුදා නිලධාරියා තමන්ට හමු නොවූ බවය. එමෙන්ම පොලිසිය පෙ.ව. 4.30 ට පමණ අවට වෙළෙඳසල්වලින් මළ සිරුරු දෙකක් වැසීම සඳහා ගෝනි ඉල්ලා ඇත. අවට ව්‍යාපාරික ස්ථානවල රාති‍්‍රයේ සිටි පිරිසට අනතුරක ශබ්දයක් ඇසී නැත. එම ස්ථානයේ අනතුරක් සිදු වී දෙදෙනකු මිය ගොස් ඇති බව අවට පිරිස් දැන ගන්නේ පොලිසියේ එම ප‍්‍රකාශයෙනි. මින් පැහැදිලි වන්නේ කුමන හෝ හේතුවක් මත ශිෂ්‍යයන්ගේ පිටත් වීම හා අනතුර සිදු වූ කාලය අතරතුර පැය 1 1/2 ක් තුළ කුමන හෝ සිදුවීම් පෙළක් ඇති බවය.
කෙසේ හෝ සිසුන් දෙදෙනා පැය එකහමාරක් අතුරුදන්ව සිට ඇති බව දැන් තහවුරු වී තිබේ.
මෙම සිද්ධිය මුලින් දැනුම් දුන් පුද්ගලයා එය දැනුම් දී ඇත්තේ වැරැුල්ලවත්ත පොලිස් මුරපොළට බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළත් එම අනතුරේ පණිවුඩය ලැබී ඇත්තේ ශිෂ්‍යයන් රැදී සිටි ස්ථානයට නුදුරින් වූ යක්කල ප‍්‍රදේශයේ රැදී සිටි පොලිස් නිලධාරීන් පිරිසකටය. ඔවුන් විසින් එය වැරැුල්ලවත්තට දැනුම් දුන් බව සොයා බැලීමක දී අපට තහවුරු විය. අලූයම 5.30 ට පමණ මළ සිරුරු දෙක ගම්පහ රෝහලේ මෘත ශරීරාගාරයට බාර දී ඇත.
අනතුර සිදු වූයේ කුමන ආකාරයටද යන්න නිවැරැුදිව පොලිස් පොතේ සඳහන්ව නැති අතර වේලාව ලෙස සටහන් කර ඇත්තේ ද අලූයම 5.30 ය. මෙම තත්වය තුළ ඉඹුල්ගොඩ වංගුවේ දී කොළඹ දෙසට වම් පසින් ගමන් කළ යතුරු පැදිය පාරේ පිටතින් දකුණු පස වූ පහන් කණුවක හැපුණු අතර යතුරු පැදියේ හානි වී ඇත්තේ ද දකුණු පසටය. එමෙන්ම යතුරු පැදිය වැදී ඇත්තේ පහන් කණුවේ පොළොවේ පිහිටීමට අඩියක් උසිනි. එලෙස වැදීමට පෙර යතුරු පැදිය ඒ අසල බෑවුමට පෙරළී යා යුතුව තිබුණි. එමෙන්ම යතුරු පැදිය පෙරළී ගොස් පහන් කණුවේ වැදුණේ නම්, ඊට සිදු වී තිබූ හානියට අනුව පාරේ සටහන් තිබිය යුතුය. එමෙන්ම එකවර සිසුන් දෙදෙනාගේම හිස් තැළී පොඩි වීමට තරම් යමක් ඒ අසල පිහිටා තිබී ද නැත. අනෙක් ප‍්‍රධාන කාරණය යතුරු පැදිය වැදුණේ යැයි සඳහන් පහන් කණුව අතර සහ යතුරු පැදිය වැටී තිබූ ස්ථානය අතර දුර මීටර 4 කි.
යතුරු පැදිය බිම පෙරළීවිත් ඇදී ගොස් අදාළ පහන් කණුවේ වැදුණේ නම්, සිසුන් දෙදෙනා බෑවුමේ වූ පල්ලමට විසි වී යනු මිස ඔවුන්ගේ හිස් කබල් එතරම් ප‍්‍රමාණයකින් බරපතළ ලෙසත් එක හා සමාන ලෙසත් තැළී පොඩි වීමට හේතුවක් නැත. එමෙන්ම ඔවුන් පැමිණි යතුරු පැදියට එතරම් හානියක් ගෙන එන අනතුරක් එහි සිදු වූ බවට ද අවට කිසිදු සලකුණක් නොමැත. ඒ හැපුණු බව කියන පහන් කණුවේ ද ඇත්තේ ඉතා කුඩා සලකුණකි. එය පවා මිටියකින් වැනි බර ආයුධයකින් පහර දී කුඩා කැබලිවලට කැඩූ ස්ථානයක් ලෙස දිස් වේ. එමෙන්ම මෙම අනතුර සිදු වූ මොහොතේ සිට පොලිසියට එහි මූලික විමර්ශන කටයුතු අවසන් කිරීමට අසාමාන්‍ය හදිසියක් තිබී ඇත.
ඉක්මනින් අනතුර සිදු වූ ස්ථානයේ සාක්ෂි සටහන් මකාදැමුණු අතර පෙ.ව. 9.10 ට මහෙස්ත‍්‍රාත්වරයා අදාළ ස්ථානයට පැමිණෙන විටත් සාක්ෂි සලකුණු ඉතිරි වී තිබුණේ නැත. පෙ.ව. 9.30 වන විට අදාළ ස්ථානයේ තිබූ ලේ පැල්ලම් වැලිවලින් වසා සියල්ල අවසන් කර තිබුණි. එම ස්ථානයේ සටහන්ව තිබුණු ඩිෆෙන්ඩරයක යයි සැක කළ හැකි ටයර් පාරවල් විකෘති කිරීමට කටයුතු කර තිබුණ ද එය අසාර්ථක වී තිබුණි. අනෙක් ප‍්‍රධාන කාරණය 28 වැනි දා රාති‍්‍රය වන තුරුත් මෙම සිදුවීම් පිළිබඳ ගම්පහ පොලිසිය නිවැරැුදි ලෙස සටහන් කර තැබීමට අසමත් විය. මෙම ප‍්‍රශ්නය මාධ්‍ය ම`ගින් ප‍්‍රශ්න කිරීම ඇරඹීමත් සමඟ පෙර වේලාවල් සඳහන් කරමින් පසුව එම අනතුර පිළිබඳ තොරතුරු සටහන් කර තිබුණි. අනෙක් ප‍්‍රධාන කාරණය නම්, අනතුරේ ඇතැම් ටයර් සලකුණු ගැන ඒ වෙලාවේ එම ස්ථානයේ සිටි පුද්ගලයන් අදහස් පළකරන විට කරන විට බුද්ධි නිලධාරීන් බවට තමන් හදුන්වා දුන් පුද්ගලයන් විසින් ඒවා වෙනත් වාහනවලින් ඇති වූ ඒවා බව ප‍්‍රකාශ කිරීමය.
මෙම තත්වය තුළ හදිසි අනතුරක් විදිහට පොලිසිය කටයුතු කළ ආකාරය සැක සහිත විය. මෙවැනි අවස්ථාවක දී ඝාතකයන් උත්සාහ කරන්නේ හැකි උපරිම අයුරින් මරණයට පත්වන ආකාරය අනතුරකින් සිදු වූ බවට ඒත්තු ගැන්වීමට උත්සාහ කිරීමටත් අදාළ ස්ථානයෙන් හැකි ඉක්මනින් ඉවත්ව යාමටත්ය. එම තත්වය තුළ අනතුර සිදු වන ආකාරය, එහි සලකුණු හා අවට පරිසරයේ සටහන් තාර්කික ලෙස ගොඩනැ`ගීමට ඔවුන්ට හැකියාවක් නොමැති අතර එවැන්නක් කෘති‍්‍රම ලෙස නිර්මාණය කිරීමේ හැකියාවක් ද අපරාධකරුවන්ට නැත. ඒම පරස්පරතාවය ප්‍රබල ෙලස ෙමම සිද්ධිය නීරීක්ෂණ ෙයදී දක්කට ලැෙබ්.
මෙම සිසු මරණ දෙක පිළිබඳව මාස 4 කට පසු දිගහැරෙන කතාවෙන් තවත් පරස්පරතා මතු වෙමින් තිබේ. අධිකරණ නියෝගයෙන් පසු ලබා ගත් සිසිතගේ හා ජානකගේ ජංගම දුරකථන දත්ත සටහන් මකා දමා ඇත. මේ දක්වා මහෙස්ත‍්‍රාත් නියෝගයෙන් පැවැත්වුණු රස පරීක්ෂක වාර්තාව ද රස පරීක්ෂකවරයා නිකුත් කර නැත. දුරකථන දත්ත සටහන් මකා දැමීමේ දී අනතුර සිදු වීමට දින 5කට පෙර හා එය සිදු වී දින 5 ක් ගත වන තුරු එම ජංගම දුරකථනවලට ඇමතුම් ලැබුණු බවට දත්ත සටහන්ව නැත. එමෙන්ම අනතුර සිදු වන දිනයේ එම ජංගම දුරකථනවලින් කෙටි පණිවුඩ ලබා දීම හා ලබාගැනීම අවහිර කොට තිබී ඇත.
එහෙත් අනතුර සිදු වන දිනයේ ඊට පැයකට පමණ පෙර රුහුණු සරසවි සිසුවකුගේ ජංගම දුරකථනයකින් ඇමතුම් ලබාගත් බවට එම ශිෂ්‍යයාගේ දුරකථන ඇමතුම් ලබාගත් තොරතුරු සටහනේ ඇත. එවැනි තොරතුරු සටහන් පත් කිහිපයකම එලෙස ජානකගේ හා සිසිතගේ ජංගම දුරකථනවලට ලබාගත් ඇමතුම් සටහන්ව තිබේ. එහෙත් මොවුන් දෙදෙනාගේ දුරකථන දෙකේ එලෙස තොරතුරු සටහන් නොවීම බරපතළ සැකසහිත තත්වයකි. එම අනතුර සිදු වූ දිනයේ ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ ගම්පහ පොලිසිය කටයුතු කළේ සිසුන් මුහුණ දුන් අනතුර පැවැති ස්ථානයේ සාක්ෂි සටහන් මකා දැමීමටත් ඇතැම් තොරතුරු යටපත් කර දැමීමටත්ය. ලංකාවේ බොහෝ පොලිසි ඇතැම් මරණවල දී ද වෙනත් දේශපාලන සිදුවීම්වල දී ද මෙලෙස කටයුතු කරන බව ප‍්‍රසිද්ධ රහසකි.
2012 මැයි මාසයේ රගර් කී‍්‍රඩකයකු වූ වසීම් තජුඞීන් රිය අනතුරකින් මිය ගිය බවට ප‍්‍රකාශ වුව ද එම අනතුර ද සැකසහිත විය. එහෙත් නාරාහේන්පිට පොලිසිය ඒ පිළිබඳ විධිමත්් පරීක්ෂණ සිදු නොකළේය. එය කොළඹ කොට්ඨාසයේ පොලිස් ප‍්‍රධානියකුගේ බලපෑමෙන් සිදු වූවක් බවට මාධ්‍ය වාර්තා කර තිබුණි. එම අනතුර පිළිබඳ රස පරීක්ෂක වාර්තාවක් කැඳවනු තබා පොලිස් පොත්වල අනතුර පිළිබඳව සඳහන් කර නොතිබූ බවට තොරතුරු තිබේ.
ජානක හා සිසිත මිය ගිය මොහොතේ එම රිය අනතුර දුටුවේ යැයි කියන පුද්ගලයා පැදවූ උඡු ූඊ 9802 දරන ති‍්‍රරෝද රථයට අයත් එම ලියාපදිංචි අංකය යතුරු පැදියකට අයත් වූවක් බවත් එහි කුරුණෑගල පොල්පිතිගම ප‍්‍රදේශයේ ලිපිනයක් සඳහන්ව ඇති බවටත් අධිකරණයේ දී හෙළිදරව් විය. එහෙත් ගම්පහ පොලිසිය මේ දක්වා එම සැකසහිත තී‍්‍රවීල් රියැදුරා අත්අඩංගුවට ගැනීමක් හෝ ප‍්‍රකාශ සටහන් කරගැනීමක් සිදු කර නැත. ඔහුගෙන් ප‍්‍රශ්න කළේ නම් අනතුර පිළිබඳව යම් ඉඟියක් ලබාගැනීමේ හැකියාවක් පැවතුණි. පොලිසිය එම අවස්ථාව මඟහැර යාමට පැහැදිලි හේතුවක් මේ දක්වා ඉදිරිපත් කර නැත. සිසිතගේ හා ජානකගේ මරණවලින් පසු කැලණිය විශ්වවිiාලයේ හිටපු මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සුරන්ජිත් බණ්ඩාරට ඉකුත් දෙසැම්බර් මාසයේ දී අලූයම 2ට පමණ නා`දුනන පුද්ගලයන් පැමිණ පහර දී හිස පොළොවේ ගැසීමට උත්සාහ දරා පලා ගොස් තිබිණි. එමෙන්ම රුහුණ විශ්වවිiාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති හර්ෂ ගුණවර්ධන ශිෂ්‍යයාට ඩිෆෙන්ඩර් රථ දෙකකින් පැමිණි පිරිසක් පහර දී පැහැරගෙන යාමට දැරූ උත්සාහය අසාර්ථක වී තිබිණි. මෙම පැහැර ගැනීමට තැත් කිරීම හා මරණීය තුවාල සිදු කිරීමට දැරූ උත්සාහයන් පිළිබඳව පොලිසිවලට පැමිණිලි කර ඇතත් මේ දක්වා ඒ පිළිබඳව කරුණු හෙළිදරව් කරගැනීම සඳහා පොලිස් පරීක්ෂණ පවත්වා නැත.
එලෙස ශිෂ්‍යයන්ට පහර දීම හා මරා දැමීම පිළිබඳව හා එවැනි උත්සාහ කිරීම් පිළිබඳව පොලිස් පරීක්ෂණ සිදු නොවන්නේ ඇයිද යන්න බරපතළ ගැටලූවකි. එම ගැටලූව පිටුපස ඇත්තේ ආණ්ඩුව විසින් ශිෂ්‍ය ව්‍යාපාරය මත මර්දනය මුදා හැර ඇති ආකාරය මිස අන් කවරක්ද?
මෙම මරණ පිළිබඳව කරුණු විමසීම හෝ පොලිස් පරීක්ෂණ පැවැත්වීමට බලකිරීම හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක් ලෙස පෙනෙන්නට තිබේ. එළඹෙන නිමේෂයේ මිය යන්නේ කුමන සරසවියේ කොයි ශිෂ්‍යයාද යන්න හරස් පද ප්‍රහේලිකා පිරවිය නොහැකිය. ශිෂ්‍ය ව්‍යාපාරය මත මුදා හැර ඇති ආණ්ඩුවේ මර්දනය එතරම්ම සියුම් ලෙස කි‍්‍රයාත්මකව පවතී. දුරකථන බිල්පත්වල දත්ත සටහන් මකාදැමීමත් සිදු වූයේ යැයි කියන අනතුර හා පහර දීම් පිළිබඳව පොලිසිය විධිමත් පරීක්ෂණ සිදු නොකිරීමත් හා රස පරීක්ෂක වාර්තා ඉදිරිපත් නොකිරීමත් ආණ්ඩුව මුලින් ආරම්භ කළ ශිෂ්‍ය මර්දනයේ දිගුවක් ලෙස හඳුනාගත හැකිය. එහෙත් එම මර්දනයේ මිලිටරිමය හැඩය හ`දුනා ගැනීමට නොහැකිය. ඊට හේතුව ශිෂ්‍ය ව්‍යාපාරය මත කුමන්ත‍්‍රණික ලෙස මර්දනය දියත් කර තිබීම බව පැහැදිලිය.

සිසු ඝාතනෙය් උත්තර නැති ප්‍රශ්ණ
01. සිසුන් මුහුණ දුන් අනතුර සිදු වීමට පෙර රාති‍්‍රයේ ඔවුන් හඹා ආ යතුරු පැදිකරුවන් කවුද? ඒ පිළිබඳ පැමිණිල්ල ගම්පහ පොලිසිය මේ දක්වා විසින් විමර්ශනයක් නොකළේ් ඇයි?
02. සිසුන් නැවතී සිටි ස්ථානයට ආසන්නව රැුකවල්ලා සිටි බව කියන ඩිෆෙන්ඩර් රථ 02 හා යතුරු පැදිවලට පැවරී තිබූ රාජකාරිය කුමක්ද?
03. අනතුර ගැන යක්කල පොලිස් මුරපළට දැනුම් දුන් නාවික නිලධාරියා කවුද? එම දැනුම් දීම ගැන ගම්පහ පොලිසියේ හා පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකගේ ප‍්‍රකාශ අතර පැවති පරස්පරතාව කුමක්ද?
04. අනතුර ගැන දැනුම් දුන්නේ යැයි කියන තී‍්‍රවීල් රියැදුරා සිද්ධිය දැක එය දැනුම් දීමට පැය 1 1/2 ක කාලයක් ප‍්‍රමාද වූයේ ඇයි?
05. එස්.අයි. රවීන්ද්‍ර පණිවුඩ හුවමාරු යන්ත‍්‍රයෙන් අදාළ ස්ථානයේ මිනීමැරුමක් සිදු වී තිබෙන බවට අලූයම 4.30 ට පණිවුඩ හුවමාරු යන්ත‍්‍රයෙන් පණිවුඩයක් ලබාදුන්නේ කුමන හේතුවක් මතද?
06. ශිෂ්‍යයන් අත තිබූ ජංගම දුරකථන දෙකට සිදු වූයේ කුමක්ද?
07. අනතුර පිළිබඳ පොලිසිය සටහන් තැබීමට පැයක් ප‍්‍රමාද වූයේ ඇයි? ඔවුන්ගේ නිරීක්ෂණ එදින මධ්‍යම රාති‍්‍රය වනතුරුත් පොලිස් පොත්වල සටහන් නොකළේ ඇයි?
08. එස්.බී. ඇමැතිවරයා මෙම මරණ සැක සහිත බව ප‍්‍රකාශ කළේ කුමන පදනමකින්ද? පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මෙම මරණ පරීක්ෂණ සිදු වීමට දිනකටත් පෙර මෙය හදිසි අනතුරකින් සිදු වූ මරණ බව ප‍්‍රකාශ කිරීමට ඔහුට තිබූ සාධක මොනවාද?
09. අන්තර් විශ්වවිiාල ශිෂ්‍ය බලමණ්ඩලය ඇලවූ පෝස්ටර් ඉරා දැමීමට පොලිසිය කටයුතු කළේ ඇයි?
10. ‘‘මිය ගොස් ඇත්තේ සංජීව බණ්ඩාර’’ යනුවෙන් පොලිසිය ප‍්‍රකාශ කළ බවට ප‍්‍රදේශයේ පැතිර යන කටකතාවේ පදනම කුමක්ද?
11. අනතුර සිදු වූ ස්ථානයේ එතරම් බරපතළ තුවාල සිදු වී තිබියදීත් ලේ සටහන් නොතිබුණේ ඇයි?
12. අනතුර සිදු වූ ස්ථානයේ ටයර් සටහන්, ඇතැම් සලකුණු හා ලේ පැල්ලම් මකාදැමීමට පොලිසියට තිබූ හදිසිය කුමක්ද? ශිෂ්‍යයන් හැපුණු පහන් කණුවේ කැඞී ගිය කොටස් ඉවත් කළේ ඇයි?
13. ශිෂ්‍යයන් නවාතැනින් පිටත් වුණු කාලය හා ඊට නොදුරු අනතුර සිදු වූ ස්ථානය අතර වූ පැය 1 1/2 ක කාලය තුළ ශිෂ්‍යයන් දෙදෙනා අතුරුදන් වී සිටීමට හේතුව කුමක්ද?
14. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පුන පුනා ප‍්‍රකාශ කළ පරිදි මෙය හදිසි අනතුරක් නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා බුද්ධි නිලධාරීන් ඒ අසල ර`දවා සිටියේ ඇයි?
15. අනතුර සිදු වූ ස්ථානයේ අලූයම 4.00 ට පමණ නවතා තිබූ හමුදා ජීප් රියට පැවරුණු රාජකාරිය කුමක්ද?
ධනූ රාමවික්‍රම

 

අන්තරේ සිසු නායකයන්ගේ මරණ සූක්ෂමව සිදුකරන ලද්දක්: ගවේශනයකින් සැකය තහවුරු වේ——–——

(ලංකා ඊ නිව්ස් -2012.සැප්.28, පෙ.ව.6.00) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීපති සූරියආරච්චි මහතා සේම බරපතල සැක කටයුතු රිය අනතුරකින් සිසු ක්‍රියාකාරීන් දෙදෙනෙක් මිය ගොස් තිබේ. අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලයේ ක්‍රියාධරයන් දෙදෙනෙක් වූ හසිත ප්‍රියංකර සහ ජානක බණ්ඩාර යන සිසු දරුවන් දෙදෙනාගේ ඊයේ වූ මරණ හදිසි අනතුරක් සේ පෙන්වූවද සූක්ෂමව සිදුකළ ඝාතනයක් බවට බරපතල සැක මතුකරන බව zලංකා ඊ නිව්ස් කරන ලද ගවේශනයකින් තහවුරු වේ.

ඒ පිලිබඳ ගවේශන දත්ත මෙසේය.

පොලිසියේ ක්‍රියාකලාපය
—————————
නුවර පාරේ ඉඹුල්ගොඩ හන්දියට නුදුරින් සිදුවූ මෙම මරණ පිළිබඳව පළමුවෙන්ම වාර්තා වන්නේ ගම්පහ පොලිස් මූලස්ථානය මගින් පාලනය වන පොලිස් මුරපොලක් වූ වැරැල්ලගම පොලිස් මුරපොලටය. ඒ පිළිබඳ ඔවුන් වාර්තා තබා ඇත්තේ ඊයේ(27) අලූයම 5.30 ටය. (අනතුර සිදුවූවා යැයි මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ අලූයම 4.30ට සිදුවූ බවකි. සටහන තබා ඇත්තේ පැයක ප්‍රමාදයකිනි)

ඒ අවස්ථාවේ වැරැල්ලගම පොලිස් මුරපොලේ සිටියේ නිලධාරීන් දෙදෙනෙකි. උප පොලිස් පරීක්ෂක ගාමිණී විසින් සටහන් තබා තවත් උප පොලිස් පරීක්ෂකයෙකු වූ එස්.ආර්.බී. රවීන්ද්‍ර නම් නිලධරයා මේ ගැන පරීක‍ෂා කරන ලෙස යොදවා තිබේ.

ඊයේ මධ්‍යම රාත්‍රිය වන විටත් ගම්පහ පොලිස් මූලස්ථානයේ පොලිස් පොත් වල සටහන්ව ඇත්තේ වැරැල්ලගම පොලිස් මුරපොලේ එස් අයි රවීන්ද්‍ර අනතුරක් ගැන පරීක‍ෂා කිරීමට ගිය බවත් පරීක‍ෂණයේදී අංක ඩබ්.පී. පී.ඒ. 9507 දරණ මෝටර් සයිකලය අනතුරට පත්ව දෙදෙනෙකු මියගොස් සිටි බවත් එස් අයි රවීන්ද්‍ර යළි පැමිණි බවත් පමණි. පොලිස් භාෂාවෙන් කියනවා නම් අඩුම ගණනේ මෙය ‘හිට් ඇන්ඩ් රන්’ අනතුරක් ලෙස සැක යයි කියා හෝ සටහනක් නැත.

අද දහවල් කොතෙක් පරීක‍ෂණ පැවැත්වූවා සේ පෙන්වූවද ඒ එකදු පරීක‍ෂණයක හෝ වාර්තා පොලිස් පොත් වල අද මධ්‍යම රාත්‍රිය වනතුරු අලවා තිබුනේ නැත.

එසේ විය නොහැක. මාරක රිය අනතුරක් සිදුවූ පසු එම මාරක රිය අනතුර සිදුවූ ස්ථානයට රාජ්‍ය නිවේදිත නිලධාරියෙකු ගොස් ඒ පිලිබඳ වාර්තාවක් සකස් කළ යුතු යැයි 2007 වසරේ පොලිස්පතිවරයා විසින් නිකුත් කර ඇති චක්‍රලේක 3 ක් මගින් නිවේදනය කර තිබේ. රාජ්‍ය නිවේදිත නිලධාරියෙකු හෙවත් ‘ගැසටඩ් ඔෆිසර්’ කෙනෙක් යනු සහකාර පොලිස් අධිකාරී තනතුර හෝ ඊට ඉහල තනතුරු දරණ නිලධාරියෙකි.

දෙදෙනෙකුට මරණය කැඳවූ රිය අනතුරක් සිදුව තිබුනද ඉහල පොලිස් නිලධාරීන් සහ බුද්ධි අංශ නිලධාරීන් එම ස්ථානයට ගියද ඒ කිසිවෙකුගේ නිල වාර්තාවක් මේ වන තුරු පොලිසියේ නැත. තිබේනම් පළමුවෙන්ම එවැන්නක් තිඛෙන බව වාර්තා විය යුත්තේ ගම්පහ මූලස්ථාන පොලිසියේ ය. නමුත් එවැන්නක් නැත.

අඩුම ගණනේ ගම්පහ රථ වාහන අංශයේ ස්ථානාධිපති වරයා විසින් මාරක රිය අනතුරේ විමර්ශන වාර්තාවක් සකස් කළ යුතු අතර ඊට ඇසූ දුටු අයගේ සාක්ෂි, ඥාතීන් ගේ සාක්ෂි, අවසන් වරට සිටි අයගේ සාක්ෂි, පරිවේශනීය සාක්ෂි ලබා ගැනීමට ගත් ක්‍රියාමාර්ග ආදිය සටහන් තැබිය යුතු වුවත් 27 දා අලූයම සිදුවූ මරණ සම්බන්ධයෙන් 27 මධ්‍යම රාත්‍රිය දක්වා එවැනි කිසිදු වාර්තාවක් තබා නැත.

නමුත් පොලිස් ප්‍රකාශකවරයා මහේස්ත්‍රාත් පරීක‍ෂණයක් ගැන පවා කියයි. මහේස්ත්‍රාත් පරීක‍ෂණයකට ප්‍රථම මාරක රිය අනතුරකදී ප්‍රදේශය බාර පොලිස් රථ වාහන අංශය විසින් කළ යුතු බොහෝ දේ තිබියදී ඒ සිදුකළා යැයි පෙන්වූවද ඒ ගැන වාර්තා තබා නැත. මහේස්ත්‍රාත් පරීක‍ෂණ සිදුකළද අධිකරණ ක්‍රියාමාර්ගයකදී මූලික වාර්තා වැදගත් වන බැවින් එවැනි වාර්තා නොතැබීම බරපතල සැක මතුකරවන්නකි.

අනතුර පිළිබඳ නිරීක්ෂණ:
—————————-
• අනතුර සිදුවූ ස්ථානය මාරාන්තික වංගුවක් හෝ අනතුරු දායක වංගුවක් නොවේ. එවැනි වංගුවක් නම් තිබිය යුතු මාර්ග සංඥා කිසිවක් මෙහි නැත. මෙම මාර්ගය අද ඊයේ විවෘත කළ මාර්ගයක් ද නොවේ. එම නිසා මෙතැන මාරාන්තික අනතුරු මීට පෙර සිදුවූවා නම් අනිවාර්යයෙන්ම අනතුරු අඟවන මාර්ග සංඥා තිබිය යුතුය. මෙම ස්ථානය පැයට කිලෝ මීටර් සියයක වේගයෙන් ගියද අනතුරක් සිදුවිය හැකි වංගු සහිත ස්ථානයක් නොවේ.

• මෙම සිසු දරුවන් දෙදෙනා වම් පසින් ගමන් ගත්තද හැපී ඇත්තේ දකුණු පස කණුවකය, කණුවේ වැදී කොන්ක්‍රීට් තාප්පයකද වැදී තිබේ. එසේ වූයේ ගමන් ගත් මෝටර් සයිකලය ලිස්සා යෑමෙන් හෝ පාලනය කර ගත නොහැකි වීමෙන් සිදුවූ අනතුරක් නම් ඒ පිලිබඳ ටයර් සලකුණු මාර්ගයේ තිබිය යුතුය. මෝටර් සයිකලයක් යනු රෝද දෙකේ වාහනයක් බැවින් ඒ ටයර් සලකුණු සමාන්තරව තිබිය නොහැක. සමාන්තරව ටයර් සලකුණු තිබේනම් ඒ සයිකලයක් විය නොහැක.

• මෙහි ඇති සේයාරූ බලන්න. වම් පසින් පැමිණි වාහනය පාරෙන් අනෙක් අතට බොහෝ සෙයින් ගොස් දකුණු පස කණුවේ හැපී තිබේ. ඊට පෙර සමාන්තර ටයර් දෙකක සළකුණු සටහන් වේ. මෙවැන්නක් සිදුවූයේ කෙසේද?

index

index1

index2

 

කන්නන්ගර දරුවෝ(Kannangara dharuwo) මගින් උපුටා ගන්නා ලද්දකි.