සිංගප්පූරුව තමන්ගේ 50 වන රන් ජුබිලිය සමරයි…..

0
586

1965 වර්ෂයේදී නිදහස් රාජයයක් වන විට සිංගප්පූරුව පැවතියේ ඉතාමත් දිළිදු රාජ්‍යයක් ලෙසය. නමුත් පසුගිය දශක 5ක කාලය තුල දියුණු වූ සිංගප්පූරුව මේ වන විට ඉතාමත් දියුණු ගෝලීය නගරයක් බවට පත්ව ඇත. එම නිසාම මේ වසරේ අගෝස්තු 9වන දින එම රාජ්‍යයේ වැසියන් තමන්ගේ 50වැනි නිදහස් දිනය අති උත්කර්ෂවත් ලෙස සමරනු ලැබුවා. එම සැමරීම් වල විවිධ අවස්ථාවන්ට සහභාගී වන ඔවුන් පසුගිය සති කිහිපය පුරාම විවිධාකාරයේ ක්‍රියාකාරකම් මගින් තමන්ගේ නිදහස සැමරීමේ උත්සව වලට එක්ව සිටිනු දක්නට ලැබුනා.

විශේෂයෙන් මේ සෑම සැමරීමක්ම සිංගප්පූරුවේ වැඩිහිටියන්ට තමන් පෙර ජීවත් වූ පැරණි සිංගප්පූරුවේ මතකයන් නැවතත් ආවර්ජනය කරනා සිදුවීමක් වුණා. ඒනිසාම එරට වෙසෙන පිරිස් විසින් 3D තාක්ෂණය උපයෝගී කරගෙන පැරණි සිගප්පූරුව හා නව සිංගප්පූරුව අතර සැසදීම් කරමින් නිර්මාණය කර ඇති වීඩිෙයා් දර්ශණත් මේ දිනවල Twitter හරහා ලොව පුරාම ප්‍රචාරය වනවා. එම නිර්මාණයන් නිසා සිංගප්පූරුවේ තරුණ පරපුරට හා කුඩා දරුවන්ට තමන් නොදුටු තමන්ගේ රාජ්‍යයේ අතීත සිදුවීම් හා ගොඩනැගිලි පිළිබදවත් දැනගන්නට හා දැකගන්නට ලැබීමත් විශේෂ කරුණක්.

මේ සියළු දේවල් හරහා සිදුවන සැමරීමේ උත්සවයන් නිසා සිංහදේශයේ අතීතය පිලිබදව සුන්දර අතීතාවර්ජනයක් සිදුකරන්නටත් තමන් ජීවත් වන රාජ්‍යයේ දියුණුව පිළිබදව නිහතමානීව ආඩම්බර වන්නටත් තමන්ට හැකි බව එම සැමරීම් වලට සහභාගී වන පිරිස් පවසා සිටිනවා.

jubilee-weekend

පැරණි සිංගප්පූරුවේ දර්ශණයක්
පැරණි සිංගප්පූරුවේ දර්ශණයක්

 

දියුණු වූ සිංගප්පූරුව
දියුණු වූ සිංගප්පූරුව

 

Global Voice ඇසුරිණි.