ජනවාරි 08 වන දා විප්ලවය ඉදිරියට ගෙන යමින්ල යහපාලනය සහ සම්මුතිවාදය ඉදිරියට ගෙන යාම සඳහා මෙරට බහුතර ජනතාවගේ අනුමැතිය හිමි වී තිබෙන බවත් මැතිවරණ කාලය පුරා ජනතා ජයග්‍රහණය වෙනුවෙන් ඇප කැප වී කටයුතු කළ සියලු පාර්ශ්වයන්ට තම ස්තුතිය පළ කරන බවත් එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ අවධාරණය කර සිටියි.
දැන් ජයග්‍රාහකයින් හා පරාජිතයන් ලෙස බෙදා වෙන් කිරීම් අනවශ්‍යය. එක මවකගේ දරු කැල ලෙස අපි දැන් මෙරට නව දේශපාලන සංස්කෘතියක් බිහි කරලීමේ කාර්යයයට එක් විය යුතු වෙමු. නව යුගයේ අභියෝගයන්ට මුහුණ දී අපේ දේශය ඉහළට ඔසවා තැබීමේ වෑයමට එක හදින් උර දිය යුතු වෙමු.
ඒ අභියෝගාත්මක කාර්යය සඳහා අප හා එක්වන ලෙස මම ඔබ සැමට ආරාධනා කරන්නෙමි.
අපි එකට එක්ව ශීලාචාර සමාජයක් බිහි කරමුග සම්මුතිවාදී ආණ්ඩුවක් ගොඩ නංවමු. සැමට සමාන අවස්ථා සපිරි අලූත් රටක් නිර්මාණය කරමු.
http://www.sathhanda.lk