මානව හිතවාදියෙකු වූ ශ්‍රේෂ්ඨ ඡායාරූප ශිල්පියෙක් සමුගනියි

0
89
වෛද්‍ය එම්.එස්. වීරකෝන් මහතා
වෛද්‍ය එම්.එස්. වීරකෝන් මහතා

ජේ්‍යෂ්ඨ ඡායාරූප ශීල්පියෙකු වූ වෛද්‍ය එම්.එස්. වීරකෝන් මහතා පෙබ්‍ර 08 වනදා අභ‍්‍රාවප‍්‍රාප්ත විය.  ඒ වන විට 88 වන වියෙහි පසුවූ වෛද්‍ය වීරකෝන් මහතා තරමක අසනීප තත්ත්වයක පසුවී ඇත. ඔහුගේ අවමංගල්‍ය කටයුතු සිදුවූයේ කොළඹ-ජාවත්තේ පිහිටි සිය පුතණුවන්ගේ නිවසේදී වන අතර ඔහුගේ දේහය භූමදානය කරන ලද්දේ මොරටුව රාවතාවත්ත සුසාන භූමියේදීය. වෛද්‍ය වීරකෝන් මහතා අවසාන දින වනතෙක්ම ඔහුගේ මීගමුවේ පිහිටි නිවසේ ඔහුගේ බිරිද සමඟ ජීවත් වූයේය. අපට සිටි  ශ්‍රේෂඨ ඡායාරූප ශීල්පියෙකු ලෙස සැමගේ ගෞරවාදරයට පාත‍්‍රවූ වෛද්‍ය වීරකෝන් මහතා දේශීය හා විදේශීය ඡයාරූප තරග රැසකදී ජයග‍්‍රහණ රැසක් ලබාගත් දක්ෂ ඡායාරූප ශීල්පියෙකි. වෘත්තියෙන් වෛද්‍යවරයෙකු වීමත් විශිෂ්ඨ ගනයේ ඡායාරූප ශිල්පියෙකු වීමත් ඔහුගේ ජීවිතය තුළ විදහාපෑ විශේෂ භූමිකාවකි.
ඔහුගේ ඡායාරූප දිවිය දශක 06ක කාලයකටත් අධික වන අතර 2007 නොවැම්බර් 07 වනදා මීගමුවේදී, මීගමුව ඡායාරූප ශිල්පීන්ගේ සංගමයෙන් ඔහුගේ එම මෙහෙවර වෙනුවෙන් උපහාර සම්මානයෙන් පුදනු ලැබීය. වෛද්‍ය වෘත්තිකයෙකු ලෙස මීගමුව ජනතාවට වෛද්‍ය වීරකෝන් මහතා අතින් සිදුවූ මෙහෙවරද ඇගයිය නොහැකි මානව හිතවාදී මෙහෙවරකි.

වෛද්‍ය එම්.එස් වීරකෝන් මහතාගේ ඡායාරූප කීපයක්

ඡායාරූප ලබා දීම වෙනුවෙන් අපගේ ස්තූතිය –
ප්‍රියංවදා ‍ෙෆටෝ ගැෆ්‍රික්සි හි ඡායාරූප ශිල්පී සුනිල් ‍ෙෆ ාන්සේකා මහතාට
-ඩිනාලි ස්ටූඩියෝ  අධිපති – සරත් විජේසූරිය මහතාට –