ලංසාටත් ඇමතිකමක් ? මීගමුව පාලනය කරන්නෙත් එයාලු?

0
134

lansaශ්‍රිලනිපය ජාතික ආණ්ඩුවට සම්බන්ධවිමත් සමගින් වාර්ථා වන අන්දමට ඇමතිධුර 16 ක් සහ නියෝජ්‍ය ආමාත්‍යධුරද ලැබිමට නියමිතය,
මේ ඇමතිධුර බෙදිල්ලේදි ඇමති ලංසාටද අවම තරමින් නියෝජ්‍ය ඇමතිධුරයක්වත් ලැබෙතැයි විශ්වාසයෙන් සිටින බවට වඩාත් විශ්වාස වන්ත ආරංචි මාර්ග දක්වා සිටි.
තමාට ඇමතිකමක් ලැබුන පසු මිගමුව කටාන ජාඇල යන ආසන තුනම බලාගන්නේ තමන්බවද මීගමුවේ රොයිස්ට නගර සභා ඡන්දෙදි කිසිම ඉඩක් නොදෙන බවත් එය තිරණය කරන්නේද තමන්ම බවත් එජාප මන්ත්‍රිවරයෙකුට පවසා ඇතැයි වාර්ථා වේ.මේ සම්බන්ධයෙන් නම හෙළිකිරිමට අකමැති එජාප ක්‍රියාකාරිකයෙකු මීපුරට කියා සිටියේ නිමල් ලංසා තමන්ගේ හිතවතුන් වු මෑතක එජාපයට ගිය සුනිල් සිල්වා සහ මාක්සුජිත් වැනි අයවලුන් එජාපයෙන් ඉදිරියට ගෙන ඒමට කටයුුතු කරන්නට සැලසුම් කරනු ඇතැයි තමන්ට හැගෙන බවය.
මේ නිසා ඇතැම් එජාප මන්ත්‍රිවරුන් දැනටමත් කළබල වි ඇතැයිද වාර්ථා වේ.
මැතිවරණයට කෝටි ගණන් වියදම් කළ නිමල් ලංසා කෙසේ හෝ බලා සිටින්නේ ඇමතිකමක් ගන්නට යැයි ඔහුට සමිපව සිටින නම හෙළිකිරිමට අකමැති ශ්‍රිලනිප ක්‍රියාකාරියෙකු මීපුරට පැවසිය.
එහෙත් පසුගිය දිනක මීපුර වෙබ් අඩවියට දුරකථන ඇමතුමක් ලබාදෙමින් නිමල් ලංසා කියා සිටියේ ජාතික ආණ්ඩුවකදි ඇමතිධුර ලැබෙන්නේ ශ්‍රිලනිපයේ ජේෂ්ඨයන්ට පමණක් බවය.