නියෝජ්‍ය විදේශ ඇමති හර්ෂ !

0
62

හර්ෂවිදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරය කොළඹ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්‍ය හර්ෂ ද සිල්වා මහතා වෙත පැවරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇතයි අග්‍රාමාත්‍ය කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරයි.

විදේශ ආයෝජකයින් මෙරටට ගෙන්වා ගැනීමේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර මෙම තීරණය ගෙන ඇතැයි පැවසේ.

විදේශ කටයුතු අමාත්‍යංශයේ කාර්යයන් ආර්ථිකමය මුහුණුවරකින් පවත්වා ගෙන යාමට කටයුතු කරන බවත්, ඒ සඳහා විදෙස් තානාපතිවරුන් සමග සමීප සබඳතාවයක් පවත්වාගෙන යා හැකි ආකාරයකට අමාත්‍යංශය ප්‍රතිසංස්කරණය කිරීමට බලාපොරොත්තු වන බවත් විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා  මෙරට සිටින රාජ්‍යතාන්ත්‍රිකයින් හමුවේ පසුගිය දා ප්‍රකාශ කළේය.

Home