නිමල් ලංසා සංචාරක නියෝජ්‍ය ඇමතිකම අතහැරියේ ඇයි ?

0
55
NImal lansa 10අද දිවුරුම් දුන් නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකුගේ විෂයන් මාරු වී තිබේ.

ඒ, අරුන්දික ප‍්‍රනාන්දු මහතාගේ සහ නිමල් ලන්සා මහතාගේයි. අරුන්දික ප්‍රනාන්දු මහතා මුලින් දිවුරුම් දුන්නේ ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. සංචාරක, සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු ඔහුට ලැබී ඇති නව විෂය වි තිබේ.

නිමල් ලන්සා මහතා මුලින් දිවුරුම් දුන්නේ සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසය. විෂය මාරුවෙන් පසු ඔහු ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා වි තිබේ.
මෙසේ වුයේ ඇයිද යන්න ගැන බොහෝ දෙනෙකුට ගැටළුවක් වි ඇත.
එහෙත් තතු දන්නෝ කියා සිටින්නේ  ඇමති ලංසා විසින්සිය ඇමැති විෂය මාරුකරගෙන ඇත්තේ  සංවාරක ප්‍රවර්ධන ඇමතිවරයා වු ජොන් අමරතුංග මහතාට බයේ බවය.
පසුගිය මහමැතිවරණ සමයේ ඇමති ලංසා විසින් වැඩියෙන්ම විවේචනය කරන ලද්දේ ජෝන් අමරතුංග මහතාවය.
ඔහුට ඊට අළුත් නමක්ද පටබැද තිබුණි.
ඒ පොලිස් ජෝන් නමිනි.