ගිංඔයේ ගිංපොල් විනාශය ???

0
195

ගිංපොල් 2තුරුලතා ආඥා පනතින් ලංකාවෙන් වඳ විගෙන යන ශාඛයක් ලෙස හඳුනාගෙන විනාශ කිරිමට තහනම් කර සංරක්ෂිත ශාඛයක් ලෙස නම් කර ඇති ගිංඔය දෙපස ඇති ගිංපොල් ශාඛය දිනෙන් දිනම විනාශ කරමින් සිටින බව පරිසර සංවිධාන හා පරිසරයට ආදරය කරන ජනතාව පෙන්වා දෙති වෙන්නප්පුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය හරහා ගලා බසින ගිංඔය ඉවුරු දෙපස සිටින පෞද්ගලික ඉඩම් හිමියන් මෙන්ම ව්‍යාපාරිකයන් විවිධ ගොඩනැගිලි ඉදිකිරිමට මෙන්ම පෞද්ගලික අවශ්‍යතාවන් වෙනුවෙන් කිසිදු සොයා බැලිමකින් තොරව හිතුමනාපේ මෙම වටිනා ගිංපොල් ශාඛය විනාශ කරලීමට කටයුතු කරමින් සිටින බව ඔවුන් පවසති මෙම වටිනා සංරක්ෂිත ගිංපොල් ශාඛය විනාශ කරලීම පිළිබඳව වගකිවයුතු ආයතනවලට දැනුම් දුන්නත් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බවත් ගිංඔය ඉවුරු දෙපස එම ගොඩනැගිලි ඉදිකිරිමට අනුමැතිය ලබාදීමට කටයුතු කරන නිළධාරින්ට මෙම විනාශය නොපෙනීම විමතියට කරුණක් බව පරිසර සංවිධාන පවසයි විශේශයෙන් වෙන්නප්පුව ලුණුවිල නයිනමඩම හා බෝලවත්ත යන ප්‍රදේශවලදි ගිංපොල් ශාඛයට විශාල හානියක් කරමින් ගිංඔය ඉවුරු දෙපස විවිධාකාරයේ ගොඩනැගිලි ඉදිකරමින් සිටිම වලක්වාගත නොහැකි වුවහොත් අනාගතයේදි මෙම ශාඛය ප්‍රදේශයෙන් මෙන්ම ලංකාවෙන්ම දැකගත නොහැකි වනු ඇති බව පරිසරයට ආදරය කරන ජනතාව පෙන්වා දෙති මේ පිළිබඳව විමසීමේදි වෙන්නප්පුව ප්‍රාදේශිය ලේකම් යු සුජීවා ප්‍රනාන්දු මහත්මිය මෙසේ පැවසීය අපි දැනටමත් මද්‍යම පරිසර අධිකාරිය හා එක්ව මෙම ගිංඔය දෙපස සංවේදි කලාපයක් ලෙස නම් කරන ගැසට් එකක් හදමින් ඉන්නේ එතකොට ඔය කියන ගොඩාක් ගැටළු අඩුවේවි දැනටත් ගිංඔය ඉවුරේ සිට අඩි 60 ක සීමාව තුල කිසිම ඉදි කිරිමක් කිරිම තහනම් ඔය ගිංපොල් ශාඛය විනාශ කරමින් කර තිබෙන ඉදි කිරිම් ගැන අපි සොයලා බලලා පියවර ගන්නම්.මෙම ජායාරූප වලින් දැක්වෙන්නේ එම ගිංපොල් ශාඛය විනාශ කරමින් ඉදිකිරිම් කර ඇති අකාරයයි
චන්දන ප්‍රනාන්දු