ලංසාගේ ඇමතිකම වෙනස් කළේ කතෝලික සභාවද ?

0
43

lansa12ඇමති නිමල් ලංසා විසින් තමන් වෙත ලබාදි තිබුන ඇමතිධුරය අරුන්දික ප්‍රනාන්දු හා හුවමාරු කර ගැනිම සම්බන්ධයෙන් විවිධ නිර්වචයන් ඉදිරිපත් වෙමින් තිබේ.
මේ ගැන ඇමති ලංසා විසින් මාධ්‍ය වෙත කියා තිබුනේ එකම් ආසනයක් සදහා සංචාරක කර්මන්තයේ ඇමතිධුරය සහ නියෝජ්‍ය ඇමතිධුරයන් ලබාදි තිබිම තේරුමක් නැති වැඩක් නිසා තමන් විසින් මෙලෙස සිය ඇමතිධුරයන් හුවමාරු කරගත් බවය.
ඇමති ලංසාගේ ප්‍රකාශය නිවරදි නම් ඒ බරපතල වරද කර ඇත්තේ ශ්‍රිලනිපය විසිනි.
එනම් ඒ වන විටත් පත්කර තිබු සංචාරක කැබිනට් ඇමතිධුරය එක් අාසනයකට හිමිව තිබියදි ඒ ගැන කිසිදු වගවිභාගයකින් තොරව එසේ ඇමතිධුර දෙකක් එකම ආසනයක් වෙත ලබාදිම සම්බන්ධයෙනි.
කෙසේ වෙතත් ඇතැම් සමාජ මාධ්‍ය විසින් හෙළිකරන්නට යෙදුන තොරතුරු වලට අනුව ඇමති ලංසාගේ සංචාරක නියෝජ්‍ය ඇමතිකම  මීගමුවට ශාපයක්  වේ යැයි සිතා කතෝලික සභා නායකන්ගේ මැදිහත්විම  මත මෙසේ තනතුරු හුවමාරු කරගන්නට මේ අයට සිදුව තිබුන බවය.