වයඹ පළාත් සභාවේ විපක්ෂ සංවිධායකධුරය චිත්‍රාල්ට .

0
112
වයඹ පළාත් සභා මන්ත්‍රි චිත්‍රාල් ප්‍රනාන්දු පමණක් ධීවර උද්ඝෝෂණය අවසන් වන තෙක් ජනතාව සමගින් සිටි අයුරු...

චිත්‍රාල් 1වයඹ පළාත් සභාවේ විපක්ෂයේ සංවිධායකධුරය එජාප පළාත් සභා මන්ත්‍රි නිතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතාට හිමිව ඇත.
එ සදහා මුල් වු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සහ පක්ෂයේ සභාපති ඇමති මලික් සමරවික්‍රම මැතිතුමාටද සිය ස්තුතිය පළකරන බව චිත්‍රාල් ප්‍රනාන්දු මහතා විසින් සිය මුහුණු පොතේ සටහන් තබා තිබේ.
මේ අතර අපට වඩාත් විශ්වාසදායක ලෙසින් වාර්ථා වි ඇත්තේ චිත්‍රාල් ප්‍රනාන්දු හට විපක්ෂයේ සංවිධායකධුරය ලබාදිමට පක්ෂ නායකත්වය ගෙන ඇති ක්‍රියාමාර්ගයට එරෙහිව යමින් පුත්තලමේදි පක්ෂය හැර ගිය කිංග්ස්ලි ලාල් හට එය ලබාදිම සදහා වෙනම මෙහෙයුමක් පුත්තලම් දිස්ත්‍රික්කයේ එජාප නායකයෙකු විසින් සැලැසුම් කර තිබුන බවය.
කෙසේ වෙතත් පුත්තලම් දිස්ත්‍රික්කයෙන් පත්වු එජාප පළාත් සභා මන්ත්‍රිවරුන්ගේ උත්සව සාද සදහා චිත්‍රාල් ප්‍රනාන්දු මන්ත්‍රිවරයා හට ආරධනා නොකර සිටිමට මේ නවක මන්ත්‍රිවරුනට සිදුව ඇතැයිද වාර්ථා වේ.
මෙයට හේතුව ලෙසින් වාර්ථා වන්නේ නියෝජ්‍ය ඇමති නිරෝෂන් පෙරේරා ඊට කැමැත්තක් නොදැක්විමය.