රනිල් පරදිනතුරු සිහින දැකපු ධර්මසිරිටත් පළාත් සභා මන්ත්‍රිධුරයක් ?

0
88

ධර්මසිරි 1වෙන්නප්පුව කිරිමැටියාන ප්‍රදේශ නියෝජනය කරමින් පළාත් සභාවට තේරිපත්ව ඇති ධර්මසිරි කැරැව්ගොඩ නම් දේශපාලකයා යනු අගැමැති රනිල් වික්‍රමසිංහ පරදින තුරු මහත් උද්යෝගයෙන් යුතුව සිහින දුටු අයෙකි.
සජිත් ප්‍රේමදාස අනාගත රටේ මෙන්ම පක්ෂයේද නායකයා විය යුතු යැයි කියමින් මහින්ද රාජපක්ෂ එලවිමට කිසිත් නොකළ පමණක් නොව ජිවිත තර්ජනද නොතකා එසේ කළ ඇතැම් පිරිස් හටද වලකැපු ධර්මසිරිලාට අද දෛවය විසින් නොමැකෙන පාඩම් කියා දි ඇත.
මැතිවරණ වලින් රනිල් පරාදවනු දැකිම තමන්ගේ කැමැත්ත බව නිදහසේ වේදිකාවේ සමාජිකයන්ට කියු ධර්මසිරි ඇරැව්ගොඩට වැනි අයට මතක් කර දිය යුතු එක් සත්‍යයක් වේ.එනම් පුත්තලම් දිස්ත්‍රික්කය තුල කිසිදු දේශපාලකයෙකු මේ රටේ යහපාලනයක් ස්ථාපිත කිරිම වෙනුවෙන් කිසිවක් නොකළ මොහොතක තිරාණාත්මක කාර්යාභාරයක් ඉටුකරන ලද නිදහසේ වේදිකාවේ පුත්තලම් දිස්ත්‍රික් සමාජිකයන් හට ධර්මසිරිලාගේ අවස්ථාවාදය තවමත් අමතක නැති බවය.
පුත්තලම් දිස්ත්‍රික්කය යනු සජිත් කරේ තියාගෙන මහින්ද එළවිම පස්සට දැමු බහුතරයක් එජාප දේශපාලකයන්ගේ සිටින දිස්ත්‍රික්කයකි.මෙහි පෙරමුණේම සිටි කෙනා වන්නේ හෙක්ටර් අප්පුහාමිය.