කොටදෙනියාව පොලිසිය ඉර පැනලා ? කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රණී බණ්ඩාර මහත්මියගෙන් නිවේදනයක්?

0
62

චන්ද්‍රාණි බණ්ඩාරඅවු.18 ට අඩු අයෙකු සැකකරුවෙකු ලෙස අත්අඩංගුවට පත්වීමේදී ඔහු හෝ ඇය වැරැදිකරුවෙකු ලෙස අධිකරණය තීරණය කරන තෙක් ඔහුගේ හෝ ඇයගේ ගෞරවය රැකෙන ආකාරයට කටයුතු කළ යුතු කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රණී බණ්ඩාර මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

අමාත්‍යවරියගේ නිවේදනයේ මෙසේද සඳහන් වී තිබේ.

සමස්තයක් ලෙස අවු.18 ට අඩු අයෙකු සැකකරුවෙකු ලෙස අත්අඩංගුවට පත්වීමේදී ඔහු හෝ ඇය වැරැදිකරුවෙකු ලෙස අධිකරණය තීරණය කරන තෙක් ඔහුගේ හෝ ඇයගේ ගෞරවය රැකෙන ආකාරයට කටයුතු කළ යුතුයි.

යම් වැරැදි ප්‍රකාශ නිකුත් කිරීමේදී ඔවුන් වැරැදිකරුවන් නොවූ විට ඔහුගේ ඇයගේ ගෞරවය පිළිබඳවද සමාජ කතිකා පිළිබඳ ප්‍රබල ගැටලුවක් ඇති විය හැක. මේ පිළිබඳ හොඳ අවබෝධයෙන් කටයුතු කළ යුතුයි. දැරියන් වෙනුවෙන් ළමා ප්‍රඥප්තියක් ඇති කළ යුතුයි. මා එය සැකසීමට අපගේ අමාත්‍යාංශය තුළින් කටයතු කරන බව ප්‍රකාශ කරනවා.

ළමා අපචාර වැළැක්වීමේ ඇමති කමිටුවක් පත්කර ඇති බවද, එය නීතිය සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා යටතේ ක්‍රියාත්මක වන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව තිබේ.
www.lankadaily.com