වයඹ දේශපාලකයන්ට අමතක වු පාරවල් හින්ද දුක්විඳින පුංචි දරුවෝ

0
197

රිටා පාසැලරිටා පාසැල් 2රිටා පාසැල් 3රිටා පාසැල් 4වර්ෂා කාලය පැමිණිමත් සමග වෙන්නප්පුව අධ්‍යාපන කොට්ඨාශයට අයත් තල්දෙක සාන්ත රිටා විදුහලේ ඉගෙනුම ලබන තම දරුවන් පාසැලට පැමිණිමේදි හා පිටවීමේදි එම විදුහල ඉදිරිපිට ඇති මාර්ගය ජලයෙන් යටවීම නිසා දැඩි දුෂ්කරතාවට පත්ව ඇතැයි දෙමාපියන් පවසති වසර කීපයක සිටම වර්ෂා කාලයන්හි තම දරුවන්ට මෙම අපහසුතාවයට මුහුණ දීමට සිදුවන බවත් මේ පිළිබඳව වගකිව යුතු නිළධාරින්ට හා ප්‍රදේශයේ දේශපාලන අධිකාරියට පෙන්වා දුන්නත් මෙතෙක් විසඳුමක් ලැබි නොමැති බව ඔවුන් පවසති පාසැල් ඉදිරිපිට මාර්ගය මෙලෙස වැසි ජලයෙන් යටවීම හේතුවෙන් දරුවන් පාසැලට යාමට පවා අකමැත්තක් දක්වන බව එම දෙමාපියන් පවසති ඉතා දියුණු නාගරික ප්‍රදේශයක් බවට වෙන්නප්පුව හඳුන්වන සමහර දේශපාලකයන්ට නගරයට කිලෝමීටරයක් දුරින් තිබෙන මෙම පාසැලේ දරුවන් විඳින අපහසුතාවය නොපෙනීම පුදුමයට කරුණක් බව ඔවුන් පෙන්වා දෙති වයඹ පළාත් සභාවට අයත් මාර්ගයක් ලෙස නම් කර ඇති මෙම නයිනමඩම කොළින්ජාඩිය මාර්ගය අසලම පදිංචිව සිටින ප්‍රජාතන්ත්රවාදි පක්ෂයේ පළාත් සභා මන්ත්‍රි අජිත් දබරේරා මහතාගෙන් විමසිමේදි මෙසේ කීය මමත් වාර ගණනාවක් පළාත් සභාවේදි මෙම මාර්ගය ගැන හා එම පාසැලේ දරුවන් විඳින දුක ගැන පෙන්වලා දුන්නා පසුගිය සතියෙත් වයඹ පළාත් මහ මාර්ග අමාත්‍යංශයේ නිළධාරින් සමග කතා කලා ඒ අය කීවා ඉක්මනින් මේකට විසඳුමක් ලබා දෙනවා කියලා මේ පාසැල අසල හා මාර්ගයේම පදිංචි ජනතා නියෝජිජිතයෙක් ලෙස මමත් ලොකු අපහසුතාවයකට පත්වෙලා ඉන්නේ අපි පෙන්වලා දීලත් මේ මාර්ගය පිළිසකර නොකිරිම ගැන වයඹ පළාත් මහ මාර්ග ඇමති ගුණදාස දෙහිගම මහතාගෙන් විමසීමේදි මෙසේ පැවසීය අපි මේ වසරේ ප්‍රතිසංස්කරණය කරන්න තීරණය කල එක් මාර්ගයක් තමා ඔය කොළින්ජාඩිය නයිනමඩම මාර්ගය මම නිළධාරින්ට උපදෙස් දීලා තියෙන්නේ එම මාර්ගයේ කටයුතු සොයලා බලලා ඉක්මනින් පියවරක් ගන්න කියලා
චන්දන ප්‍රනාන්දු