සුපර්මාර්කට්වල අපිට දාන්නෙ ඇත්තම බිල්ද ?

0
88

asda_supermarketකොට්ටාව කීල්ස් සුපර් මාර්කට් එකෙන් අතේ තිබුන මුදල් ගානට බඩු ටිකක් ගත්තා. අතේ තිබුනේ රුපියල් හාරදහසක් පමණයි. ගත්ත බඩු වලට රුපියල් 3000ක් විතර වෙන බව මට දැණුනා. මම කවුන්ටරේට මුදල් ගෙවන්න ගියා වෙලාව හවස 7.20ට විතර ඇති. ගෑනු ළමයා ඉක්මණින් ඉක්මණින් බඩු ටිකට බිල් කරනවා .

මම බලන් හිටියා …රුපියල් හාරදහසක්පහු කරගෙන වාසනා චක්කරේ කැරකෙනවා වගේ කැරකිලා ගිහින් රුපියල් පන්දාහත් වුණා. මම වහාම ඇයව නවත්තලා කිව්වා

“මගේ අතේ තියෙන්නෙ රුපියල් හාරදාහයි “කියලා.

ඇය යෝජනා කරා බඩු අඩු කරන්න.මම හිතුවා යහපාලනේ වැඩක් තමා කියලා.

මම ගත්ත බඩු සාමාන්‍ය ගෙදර දොරේ බඩුු නිසා එතරම් ගණනක් වන්න බැරි බව මම හිතුවා. අතේ සල්ලි තිබ්බනම් මම මෝඩයෙක් වගේ ගෙවලා එනවා අනිවාර්්‍යයෙන්ම. ඒකේ දෙකක් නැහැ.

ගත්ත බඩු දැන් එකින් එක අඩුවෙනවා. මට හිතාගන්නම බැහැ මේක කොහොම වෙන්නද කියලා.. මම ඒ ගෑනු ළමයගෙන් ඇහුවා “මොනවද මම මෙතැනින් ඉහළ මිළගානක් දීලා අරන් තියෙන්නේ” කියලා.

අරන් තියෙන උපරිම සිල්ලර මිළ වටිලා තිබුනෙ බිත්තර 10කට. අනිත් සියල්ල සුළු ගණන්.

මම කිව්වා “බිල් එක චෙක් කරන්න” කියලා. මට පිටිපස්සෙන් හිටපු අය මගේ දිහා බලනවා.

ගෑනු ළමයා එකින් එක චෙක් කරලා කිව්වා

“සොරි මිස් බිත්තර වල 226 එකක් හැටියට පන්ච් කරන්න ඔ්නෙ එක 11ක් හැටියට පන්ච් වෙලා “කියලා. එතකොට 226ඒවා 11ක්.

ඊට පස්සේ වටේ හිටපු අයත් බයවුණා.

මං ඇහුවා “මේ වගේ කීදෙනෙක් වැඩියෙන් ගෙවලා ගිහිල්ලා ඇතිද ඔයාලගේ නොසැලකිල්ල එක්ක” කියලා.

ඒ සේවිකාව කිව්වෙ “සමහරු ආපහු එනවා “කියලා.

ඒත් සමහරු ආපහු එන්නෙ නැහැ.

මම ඒ ළමයට කිව්වා” මම කවදාවත් ගෙදර ගිහින් බිල චෙක් කරන්නෙ නැහැ හැබැයි අද ඉඳන් මම ඒක කරනවා “කියලා.

ඒ වගේම “මගේ අතේ ඒ වෙලාවෙ රුපියල් හාරදහසක් තිබ්බෙ හොඳ වෙලාවට” කියලත් මම කිව්වා.

මට පාඩමක් ඉගෙන ගන්න ලැබුනා. සුපර්මාර්කට් අපිට මේ වගේ වැරදි කොච්චර කරලා ඇතිද? ඒ හින්දා සුපර්මාර්කට් වලින් බඩු ගන්න අය හොඳ සිහියෙන් යුතුව බිල බන්න කමන් ගන්න බඩුවලට නිසි මිළද ඔබ ගෙවන්නෙ කියලා.
Manohari Hewawasam