පදමට සූර්වු මැති ඇමති පුතාලාගේ ජිප් එකත් අතහැර පළාගිය හේතුව කුමක්ද ?

0
538

බෝලවත්ත ඇක්සිඩන්ට්බෝලවත්ත ඇක්සිඩන්ට් 1බෝලවත්ත ප්‍රදේශයේදි දුරකතන කණුවක් හා අසල නිවසක වැටක් කඩාගෙන ගොස් අනතුරකට ලක්ව තිබු ජීප් රථයක් ඊයේ 05 සවස සොයාගත් බව වෙන්නප්පුව පොලිස් රථවාහන අංශය පැවසීය ප්‍රදේශවාසීන්ගේ දැනුම් දීමක් මත අනතුරට ලක්ව තිබු ජීප් රථය සොයා ගන්නා විට එම රථයේ පැමිණි කිසිදු පුද්ගලයෙක් එම ස්ථානයේ නොසිටි බවත් ජීප් රථය ඇතුලත මත්පැන් පානය සඳහා යොදා ගත් බවට සැකකල හැකි බයිට් වර්ග හා හිස් මත්පැන් බෝතල් තිබු බව පොලිසිය කියයි මෙම අනතුර කල හා මෙම ජීප් රථයේ පැමිණි පුද්ගලයන් දැඩි ලෙස මත් පැන් පානය කරමින් එන්නට ඇති බවට සැක කරන බවත් මෙම අනතුර සිදුවීම හේතුවෙන් පොලිසිය මගහැර එම පිරිස පලාගොස් ඇති බව සිදුකල මූලික විමර්ශන වලදි තහවුරු වු බව පොලිසිය කීය මෙම අනතුරේ ස්වාභාවය අනුව එහි ගමන් කරමින් සිටි පුද්ගලයන් ද තුවාල ලබන්නට ඇති බවට සැකකරන බව පොලිසිය කීය පොදු දේපළකට හා නිවෙස් හිමියෙකුට අලහභාණි කර පලායාම සම්බන්ධයෙන් මෙම ජීප් රථයේ පැමිණි සැකකරුවන් සොයා පරික්ෂණ අරම්භ කර ඇති බවත් මෙම ජීප් රථයේ පසුගිය සන්ධාන ආණ්ඩුවේ නැගෙනහිර පළාතේ නියෝජ්‍ය ඇමතිවරයෙකුගේ හා දකුණු පළාත් එක්සත් ජාතික පක්ෂ හිටපු පළාත් සභා මන්ත්‍රිවරයෙකුගේ පුතෙකු සිටි බවට මහජනතාවගෙන් ලැබෙන තොරතුරු මත පරික්ෂණ සිදු කරන බව වෙන්නප්පුව පොලිස් රථ වාහන අංශය පැවසීය
චන්දන ප්‍රනාන්දු -වෙන්නප්පුව