මීගමුව චිකාගෝවක් කළ ලංසලාගේ පාලනය ඔක් 15 න් පස්සේ ඉවරයි ?

0
39

මීගමුවේ අද සිදුවෙන දේවල් වල හැටියට එය චිකාගෝවටත් වඩා අන්තවෙලා… යැයි ඇමති නිමල් ලංසා පවසා සිටියේ 2014 අප්‍රේල් 19 වනදා  මීගමුව පොලිසියේ පැවැති රැස්විමකදිය.
මීගමුවේ  සිදුවෙමින් තිබුණ මංකොල්ල රැල්ල සම්බන්ධයෙන් ව්‍යාපාරිකයන් දැනුවත් කිරිම සදහා මීගමුව පොලිස් අධිකාරි ජයන්ත ලියනගේ  මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැස්විම කැදවා තිබුණි.
මෙහිදි තවදුරටත් අදහස් දක්වා සිටි  ඇමති නිම්ල් ලංසා පවසා සිටියේ පුෂ්පා මංකොල්ලය සදහා අනිවාර්යෙන්ම මීගමුවේ කාගේ හෝ සම්බන්ධයක් ඇති බවය.තමන් වැරදි  නොකරන පුද්ගලයෙකු බව කියන්නටද ඇමතිවරයා එදා අමතක නොකළේය.
මීගමුව නගරය පුරාවට සහ සංචාරක කලාපය තුල ආරක්ෂක කැමරා පද්ධති සවි කිරිම සදහා තම අමාත්‍යංශය සහ මීගමුව මහනගර සභාව එක්ව මුදල් යෙදවිමටද එදා පොරොන්දු විය.එහෙත් එකි පොරොන්දුවෙන් පසු වසර එකාමාරක් ගෙවි ගොස් තිබුනද අදටත් එය පොරොන්දුවක් පමණක් වේ.
මීගමුව මේ තත්වයට පත්විම සමබන්ධයෙන් විශේෂයෙන්ම මීගමුවේ දේශපාලන අධිකාරියේ චණ්ඩිකරණය සහ පතාල වැඩ බලපා ඇති බවට ප්‍රසිද්ධ චෝදනාවක්ද තිබේ.
මේ චෝදනා පසුගිය කාලය තුල වැඩියෙන්ම එල්ලව තිබුනේ ඇමති නිමල් ලංසාගේ සමිපතයන් සහ පවුලේ සමාජිකයන් වෙතය
පුංචි රෝමය චිකාගෝවක් කල ඇමති ලංසාලාගේ  ආණ්ඩු පාලනය 2015 ඔක්තෝබර් 15 වෙනිදායින් අවසන් විමට නියමිතය,

nimal lansacrowd