පසුගිය දිනවල පාර්ලිමේන්තුවේදි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් නියෝජ්‍ය ඇමති නිමල් ලංසා පිළිබදව කරන ලද ප්‍රකාශයක් පිළිබදව මීපුර වෙබ් අඩවිය අමතා කතා කළ නියෝජ්‍ය ඇමති නිමල් ලංසා කියා සිටියේ නාකොටික් එකෙන් අපේ ගෙදර ආවා කියල අනුර කුමාර මන්ත්‍රිවරයා කරන ලද ප්‍රකාශය වැරදි ප්‍රකාශයක් බව තමන් එදා පාර්ලිමේන්තුවේදි ඉතා පැහැදිලිව ප්‍රකාශ කළ බවය.
මෙවර ඕලෙවල් කරන තරමේ ලොකු දරුවන් සිටින බවත් මෙවැනි වැරදි මත රටට පතුරුවාලිම නිසා ඒ දරුවන්ද අපහසුතාවයට පත්වන බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.
අනුරගේ ප්‍රකාශයක් නිසා ‘ ලංසා පච වෙයි’ යන සිරස්තලය යටතේ වෙබ් අඩවි ගණනාවක් විසින් ප්‍රකාශයට පත්කර තිබුණ පුවතක් මීපුර වෙබ් අඩවිය විසින් ද උපුටා පළ කර තිබුණ අතර නියෝජ්‍ය ඇමතිවරයා අද ප්‍රතිචාර දක්වා තිබුනේ පුවත පිළිබදවය.