ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චතුරට එරෙහිව විණය පරික්ෂණයක් ? ?

0
36

චතුර 100ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චතුර සේනාරත්න  පාර්ලිමේන්තුවට පත්වු නවක මන්ත්‍රින් අතර පුවත් මවන්නෙක් බවට පත්වෙමින් තිබේ.
ඒ කිසිදු විණයකයට යටත් නැති වලන් කඩේට පැනපු හරකෙුකු මෙන් කටයුතු කරන්නට යාම හේතුකොටගෙනය.
මුලින්ම ඔහු පිලිබදව සමාජ මාධ්‍යවල බරපතල විවේචනයක් එල්ලව තිබුනේ අති පූජ්‍ය සෝභිත හිමියන්ගේ  අදාහන දිනයේ දේහය ගෙන යන මග දෙපස  අතිවිශාල බැනර් ප්‍රමාණයක්  ඔහුගේ නමින් එල්ලා තිබිමත් සමගින්ය.
ඉන් අනතුරුව රටතුල මහත් සංවාදයකට ලක්වුයේ හරින් ප්‍රනාන්දු ඇමතිවරයාගේ කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළුව ඔහුගේ පුද්ගලික ලිපිගොනු කිපයක් පරික්ෂාවට ලක්කර තිබිම  පිලිබදවය.
මේ සිදුවිම  පසුගිය කැබිනට් රැස්විමේදි හරින් ප්‍රනාන්දු ඇමතිවරයා විසින් දැඩි ආවේගලීව මතු කර තිබුණ බව මාධ්‍ය වාර්තා කර තිබුණි.
එමෙන්ම ඔහුගේ සහයට තවත් ඇමතිවරුන්ද මේ නොහොබිනා ක්‍රියාව විවේචනය කරමින් අදහස් දක්වා ඇත.
මෙම උණුසුම් සංවාදයට එක් වෙමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසා ඇත්තේ අදාල සිදුවිමට චතුර සේනාරත්න මන්ත්‍රිවරයා වැරදිකරුවෙකු වුවහොත් ඔහුට එරෙහිව විනායණුකූල පියවර ගන්නා බවය.
කලම්බුටෙලිග්‍රාප් වෙබ්අඩවිය වාර්තා කර සිටින්නේ චතුර මන්ත්‍රිවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග නොගන්නේ නම් හරින් ප්‍රනාන්දු ඇමතිවරයා සිය ඇමති තනතුරින්ද ඉල්ලා අස්විමට පියවර ගන්නා බවය.