මීගමුවේ දුෂණ නැවැත්විමට මුලිකත්වය ගෙන කටයුතු කරන්නැයි සරත් ලංසාගෙන් ඉල්ලයි.

0
50

දයාන් 2සරත් ගුණරත්න සහ ලංසා පවුල යනු එකිනෙකාට එදිරිව කටයුතු කරන ලද පසමිතුරු පාර්ශවන් වුවද අද පැවැති  දයාන් ලංසා නියෝජ්‍ය නගරාධිපති ලෙසින් දිවුරුම් දෙනු ලැබු උත්සවයේදි මීගමුවේ  බොහෝ වංචා දුෂණ සිදුව ඇති බවත් ටෙන්ඩර වලින් පගා කොමිස් ගෙන ඇති බවත් එවා මීගමුව තුල ඉදිරිකාලයේදිවත් සිදුනොවිමට දයාන් ලංසා නියෝජ්‍ය නගරාධිපතිවරයා පියවර ගනු ඇතැයි තමන් බලාපොරොත්තු වන අද  හිටපු නියොජ්‍ය ඇමති සරත් ගුණරත්න මහතා විසින් කියා සිටියේය.
මීගමුව ආසන සංවිධායකවරයා විසින් මේ කරන්නට යෙදුන ප්‍රකාශයත් සමගින් තතු දන්නෝ එකිනෙකාගේ මුහුණවල් බලාගෙන සිනා සෙන්නට විය.
පසුගිය සමයේ මීගමුවේ ඇති පදමට වංචා දුෂණ සිදුකරන ලද්දේ ලංසා පවුල විසිනි.ඒවා ගැන ප්‍රසිද්ධියේ මාධ්‍ය ඔස්සේ හෙළිදරව් කිරිමට පියවර ගෙන තිබුනේද මීගමුව ශ්‍රිලනිප ආසන සංවිධායක සරත් ගුණරත්න මහතා විසින්මය.
එමෙන්ම සරත් ගුණරත්න මහතා සහ ඔහුගේ ඥාාතින් විසින් සිදුකර ඇති වංචා දුෂණ ගැනද ලංසා පවුලේ අය විසින් රටට හෙළිදරව් කරන්නට පියවර ගෙන තිබුණි.
දෛවයේ සරදම වන්නේ දැන් සරත් ගුණරත්න මහතා විසින් හොරු අල්ලනට පියවර ගන්න යැයි ලංසා පවුලගෙන් ඉල්ලා සිටිමය.
මේ අතර රාජ්‍ය මුදල් අයථා ලෙස පරිහරණය කිරිම සම්බන්ධයෙන් දැනට අධිකරණයේ විභාග වෙමින් ඇති නඩුවකදි එහි ප්‍රබල චෝදනාවක් හිටපු නියෝජ්‍ය ඇමති සරත් ගුණරත්න වෙත ඉල්ල වි තිබේ.