මීගමු වංචා දුෂණ ගැන සරත්ගේ කථාවට ඇන්ටනි ජයවිරගෙන් පිළිතුරු ..?

0
91

දයාන් 3මීගමුවේ උපනගරාධිපතිධුරයට දායන් ලංසා මන්ත්‍රිවරයාව පත්කිරිම වෙනුවෙන් පැවැති විශේෂ උත්සවයේදි මීගමුව ශ්‍රිලනිප ආසන සංවිධායක හිටපු ඇමති සරත් ගුණරත්න මහතා විසින්  ආන්දෝලනාත්මක කථාවක්  සිදුකර තිබුණි.
එනම් ඔහු එහිදි කියා තිබුනේ දායන් ලංසාට උපනගරාධිපතිධුරය මුලදිම ලබාදිමට තමන් විරුද්ධ වු බවත් එය වැරදි තින්දුවක් යැයි දැන් තමන්ට හැගෙන බවය.
එමෙන්ම මීගමුවේ පොලවල් වලින් කප්පම් ගැනිම් සිදුවන බවත් තවත් වංචා දුෂණ රැසක් මිගමුවේ මේ පළාත් පාලන කාලය තුල සිදුව ඇති එහිදි ඔහු අවධාරණය කර තිබුණි.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දෙමින් මීගමුව නගරාධිපති ඇන්ටනි ජයවීර මහතා කියා සිටියේ මීගමුවේ බරපතලම වංචා දුෂණ සිදුකර ඇත්තේ කව්දැයි යන්න ලබන සතියේදි උසාවිය විසින්ම පෙන්වා දෙනු ලබන බවය.
එමෙන්ම නම සදහන් කිරිමට අකමැති වු නාගරික මන්ත්‍රිවරයෙකු කියා සිටියේ පොළ බදුකරුවන්ගෙන් කොමිස් ගෙන ටෙන්ඩර් දිම ජයටම සිදුකරන ලද්දේ ඇමති නිමල් ලංසා විසින් බවත් ඒ ගැන සරත් ගුණරත්න මහතා විසින්ම රටට ම ප්‍රසිද්ධියේ හෙළිකර ඇති බවත් දැන් ඔහුට අමතක වි ඇති බවය.
එමෙන්ම මීගමුව එහෙම පිටින්ම පතාල පාලනයකට යටත් කළ ලංසා පවුල ගැන මහල්ලා සහ පුතුන් දෙදෙනා යැයි කියමින් ජනමාධ්‍ය හරහා හෙළි කළ සරත් ගුණරත්න මහතාගේ මේ ප්‍රකාශයන් සියල්ල දෛවයේ සරදම් වි ඇති බවය.