ශාන්ත හාමුදුරුවෝ බොරු කියන්ඩ පටන් අරන් ?

0
465

20151127_163411nwමේ දිස්වන්නේ මීගමුව,වෙන්නප්පුව හා ඒ අවට තාප්ප වල ප්‍රදර්ශනය වන පෝස්ටරයකි. මේ පෝස්ටරයෙන් දී ඇති මානසික අල්ලස නම් මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙහි   සිංහල ප්‍රශ්න පත්තරය මෙම ටියුෂන් පන්තියේදී  සිසුන් හට ලබාදෙන බවයි. මෙම පෝස්ටරය දකින ඕනෑම කෙනෙකුට දෙමව්පියෙකුට හෝ සිසුවෙකුට මතුවන කුතුහලය එයයි.  කිසිවෙකුට මෙය නීති විරෝධී යැයි කිව නොහැකිය. එතරම්ම සූක්ෂම ලෙස සිසුන් රැවටීමට හොඳ උපායක් මේ පෝස්ටරයේ ගැබ්වී තිබේ. ප්‍රශ්නය වන්නේ මෙවැනි ප්‍රෝඩාවකට ‘ශාන්ත’ හාමුදුරැවෝද ගෑවී තිබීමය. එමගින් බෞද්ධ ධර්මය ද ගෑවේ.  කේසේද ?     ‘ මුසාවාදා වේරමනී සික්ඛා  පදං සිිල් සාමාදියාමි ‘ යන  සිල් පදය ද මෙමගින් බිදෙයි. එය හාමුදුරුනමකට අකැපය. එසේ වූ කළ ඉගෙන ගන්නා දරුවන් ද මෙය හොඳ ආදර්ශයක් සේ සලකන්නට පිළිවෙන. එමගින් ධර්මය ද හෑල්ලුවට ලක්වේ. ඉදිරියේදී හොඳ හොඳ දේවල් මෙවැනි පෝස්ටර් වලින් නැරඹිය හැකි වනු ඇත. මෙය එහි එක් පියවරක් විය හැක.

ජසින්තා නිර්මලී