ඉතාලියේ සිට පැමිණි සැමියා බිරිඳව ඝාතනය කරලා

0
276

සිරිගම්පල 1සිරිගම්පල 2වෙන්නප්පුව සිරිගම්පළ යාය 6 ප්‍රදේශයේදි කාන්තාවකට පිහියෙන් ඇන වෙඩි තබා ඝාතනය කිරිම සමබන්ධයෙන් එම කාන්තාවගේ ස්වාමි පුරුෂයා ඊයේ 02 රාත්‍රි සැකපිට අත් අඩංගුවට ගත්බව වෙන්නප්පුව පොලිසිය පවසයි මෙලෙස ඝාතනය වි ඇත්තේ සිරිගම්පළ යාය 6 ප්‍රදේශයේ පදිංචි වර්ණකුලසූරිය දිමුතු තක්ෂිලා නැමති 27 හැවිරිදි දෙදරු කාන්තාවකි ඊයේ 02 රාත්‍රි 9 ට පමණ සැකකරු එම කාන්තාව පදිංචි නිවස අසලට පැමිණ නිවසේ නොමැති බව දැක අසල්වැසි නිවසක සිටි තම බිරීඳව එළියට කැඳවා මෙම ඝාතනය සිදු කර ඇති බව පොලිසිය කීය මෙම අඹුසැමි යුවල වසර ගණනාවක සිට ඉතාලියේ රැකියා කර ඇති බවත් වසර දෙකක කාලයක සිට වෙන්ව ජීවත් වි ඇති බවට තොරතුරු ලැබි ඇති බව පොලිසිය පවසයි සතියකට පමණ පෙර එම කාන්තාව ඉතාලියේ සිට පැමිණ ඇති අතර ඊයේ 02 උදැසන ස්වාමි පුරුෂයා ලංකාවට පැමිණ මෙම ඝාතනය කර තිබේ වෙඩි තබා ඇති පිස්තෝලය ඉතාලියේ සිට මෙරට රැගෙන ආ එකක් බවත් ඝාතනයෙන් පැයක් ඇතුලත සැකකරු හා ඝාතනයට යොදාගත් පිස්තොලය හා පිහිය සොයාගත් බව පොලිසිය කීය,කාන්තාව ස්වාමි පුරුෂයාගෙන් අයින් වි ඉතාලියේ නාපෝලි ප්‍රදේශයේත් පිරිමියා ෆිරෙන්සේ ප්‍රදේශයෙත් ජීවත් වි ඇත පවුල් අරවුලක් මත මෙම ඝාතනය සිදු වි ඇති බවට සිදු කරන මූලික පරික්ෂණ වලදි තහවුරු වු බව පොලිසිය කීය වෙඩි තැබිමෙන් හා පිහියෙන් ඇන බරපතල තුවාල ලබා සිටි කාන්තාව මාරවිල මූලික රෝහලට ඇතුලත් කරන විටත් මියගොස් සිටි බව මාරවිල රෝහල් අරංචි මාර්ග පැවසීය
චන්දන ප්‍රනාන්දු
සිරිගම්පල 3සිරිගම්පල 4සිරිගම්පල 6