”කොමිස් ගත්තේ නෑයි”නොකියා සේපාලක මොරවක උම්බෑ කියයි…

0
333

cowමීගමුව මහනගර සභාවේ ආණ්ඩු පක්ෂයේ ජේෂ්ඨ මන්ත්‍රිවරයෙකු වන සේපාල මොරවක මහතා අද පැවැති මහසභා රැස්විමේදි මීපුර වෙබ් අඩවියට බැන වැදි ඇතැයි වාර්ථා වේ.
ඔහු විසින් ඉතිහාසය පුරාම කිසිදු ලැජ්ජාවකින් තොරව සිදුකරන්නට යෙදුන දුෂණ වංචා සියල්ල යනු සිම්පල් කේස් යැයි සිතා සිටි සේපාල මොරවක මන්ත්‍රිවරයාට අද කිපුනේ ඇයි ?
පසුගිය දිනවල අප ඔහුට එරෙහිව ප්‍රබල චෝදනා දෙකක් ඉදිරිපත් කළෙමු.
ඉන් එකක් වුයේ නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසා දිවුරුම් දිමේ උත්සවයේදි බලහත්කාරයෙන් කථාවක් ඉල්ලා ගෙන දයාන් ලංසාගේ ගුණ වැයිම පිළිබදවත් එයට හිලව්වට මෙන් බැං කොක් වලින් ජංගම දුරකථනයක් ගෙන්වා ගැනිමට දයාන් ලංසා මන්ත්‍රිවරයාගෙන් රු 10000 මුදලක් ඉල්ලිම ගැනත් මාසිකව නගර සභාවේ ආරක්ෂක සේවා ටෙන්ඩරයෙන් රු 25000 ක කොමිස් මුදලක් ලබාගැනිම සම්බන්ධවත්ය.
අද පැවැති මහසභා රැස්විමේදි තමන් ඉදිරියේ සිටින ස්ත්‍රි පාර්ශවය පවා අපහසුවට පත්කරන අන්දමේ කුණුහරුප ඔහු විසින් අද කියා තිබුණි.

එහෙත් ඔහු නොකියු එක් දෙයක් වෙයි.
එනම් අප කරන ලද කිසිදු චෝදනාවක් ප්‍රතික්ෂේප නොකිරිමයි.
මාසිකව ඔහු ආරක්ෂක ටෙන්ඩරයෙන් රු 25000 ක ගන්නා බව ඔහු අද දිනයේ ප්‍රතින්ෂේප කලේ නැත.
ඔහු ගැන ලියා ඇති මිපුර වෙබ් අඩවිය කරන අයගේ ජාතකය හොද නැති බවත් ඔවුන්ව ජාතක කර ඇත්තේ හිටගෙන බවත් සේපාල මොරවක විසින් අද දිනයේ කියා තිබුණි.
එයට අත්වැල් ගායනයෙන් සහය දැක්වු නගර සභාවේ පොත් මාමා යැයි විරුධාවලිය ලත් හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් ලේබල්ධාරි දායල් නිලංග විසිනි.දරුවන්ට බෙදන්න දුන් අභ්‍යාස පොත් කිසිදු හිරිකිතයකින් තොරව විකුණා පොලිසි පවා යන්නට වු දයාල් නිලංග ගැන අප වෙනමම අපේ පාඨක ජනයා වෙත හෙළිකිරිමට ඉදියේදි කටයුතු කරන බවද මෙහිලා සදහන් කරනු කැමැත්තෙමු.
ජනතාවට වග කියන පැත්ත ගියත් මීගමුවේ ඇත්ත හෙළිකරන එකම මාධ්‍යය ලෙසින් අප නිහතමානිව අපගේ සාර්ථකත්වය ගැන සතුටු වෙමු.
ඒ අපගේ චෝදනා සියල්ල සේපාල මොරවක විසින් පිළිගෙන ඇති නිසාය.
මිරිස් ඇන්ටනි නම් වු පොළ ටෙන්ඩර්කරුගෙන් සතිපතා ගෙදරට එළවලුද මස් කඩ කාරයෙන්ගෙන් මස් ද  සතිපතා සේපාල මොරවක මන්ත්‍රිවරයා ගෙදර ගෙන ගියා යැයි අප සදහන් කර නැත.
එමෙන්ම ඔහු මීගමුව රෝහලේ සුළු සේවකයෙකු ලෙසින් සේවය කළ සමයේ සිදු කර තිබුණ රුපියලේ දෙකේ සන්තෝෂම් ගැනිම් ගැනද අප කිසිවක් සදහන් කර තිබුනේ ද නැත.
නියෝජ්‍ය නගරාධිපතිධුරයට නොගැලපෙන දෑ කළ නාගරික ම්න්ත්‍රිවරයෙකු ලෙසින් ඔහු ඉතිහාස ගත වෙන බවද අප එහි සදහන් කර තිබුනේ නැත.