”මාධ්‍යවේදින් CID එකට කැඳවිම වැරදියි” . ජනමාධ්‍ය ඇමතිවරයා කියයි

0
109

media ministermeeting with mediaකිසියම් මාධ්‍යයක්‌ මගින් පළවූ පුවතක්‌ සඳහා පැමිණිලි ඉදිරිපත් කළ යුත්තේ පුවත්පත් මණ්‌ඩලයට හෝ දිසා අධිකරණයකට පමණක්‌ යෑයි පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස්‌ අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය. එවැනි පැමිණිලි භාර නොගතයුතු බව සියලු පොලිස්‌ ස්‌ථාන වෙත දැනුම් දෙන බවද හෙතෙම අවධාරණය කලේය.
මෙම එකගතාවයට පැමිණ තිබුනේ 2015 දෙසැම්බර් 16 වනදා පාර්ලිමේන්තු සංකිර්ණයේදි පැවැති රැස්විමකදිය.
මෙම රැස්විම සදහා ජනමාධ්‍ය  අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නිතිඥ රුවන් ගුණසේකර මහතා ,ජනමාධ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන පෙලේ නිළධාරින් රැසක් ඇතුළව මාධ්‍ය සංවිධාන නියෝජිතයන් පැමිණ සිටියහ.
පසුගිය දිනක සත්හඩ පුවත්පතේ කර්තෘවරයා හා ප්‍රවෘත්ති කර්තෘවරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබිම වරදක් බව ජනමාධ්‍ය ආමාත්‍යවරයා මෙන්ම පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාද  කියා සිටියේය.
එමෙන්ම මින් ඉදිරියට මාධ්‍යවේදින් හට මෙසේ පොලිසිවලට පැමිණෙන ලෙස දන්වා ඇති නම් ඒ බව ජනමාධ්‍ය අමත්‍යංශයට දැනුම් දෙන ලෙසද මාධ්‍ය සංවිධානවලින් ඉල්ලා සිටියේය.
මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරි කමිටුව වෘත්තිය පත්‍රකලාවේදින්ගේ සංගමය ඇතුළු මාධ්‍ය සංවිධාන 9 ක් මෙම රැස්විමට සහභාගිව සිටියේය.deepthi adikarimathanfreedy G 1