House of Fashion ජෝක්

0
209

මේ දිනවල 50 %  වට්ටම නිසා  හවුස් ඔෆ් පැෂන් එක පැත්තේ එකම ජන ගඟකි.   පහත මාළයේ ඇගිල්ලක් ගහන්නට ඉඩක් නැත.  බඩු භාන්ඩ ඇඳුම් තේරීමේදි භාන්ඩ වලට හානි නොකරන ලෙස වරින් වර නිවේදනය කරයි. එමෙන්ම බඩු භාන්ඩ වල මිළ නොගෙවා පිටතට ගෙනයාම වැළකීමටද ඇති ආරක්ෂක සංඥාව ගැනත් දැනුම් දෙන අතර පාරිභෝගිකයන් අතර සොරුන්ද ඇති නිසාය.
මේ අතර 03 වන මහලේ පිරිමි ඇදුම් ඇති මාලයේ  බඩ අල්ලාගෙන හිනා යන සිදුවීමක් විය. එහි කළමණාකරුවෙකු විදේශික පාරිභෝගිකයෙකු හට  ඉංග්‍රීසි බසින් දෝෂාරෝපනය කරයි. එක්වරම නොවූවත් ටික වේලාවකින් කුමක් සිදුවිද යන්න වැටහුණි. චීන හුරු පෙනුමක් ඇති තරුණයා තමන්ට අවශ්‍ය කොට කලිසමක් තෝරන්නට ගොස් එහි තිබූ ඩමියකට අන්දවා ඇති කොට කලිසම ගලවාගෙනය. කළමණාකරු ඔහුට දොස් තබමින් විමසුවේ ඔබට වෙන තැනකින් ගන්ඩ තිබ්බනේ මේකේ තිබිච්ච ඇදුම ගැලවුයේ ඇයි දැයි කියාය. එවිට අර තරුණයා පවසා සිටියේ මගේ සයිස් එකට එකක් නැති නිසා ඩමියේ තිබූ ඇඳුම ගැලවූ බවයි. කෙසේ හෝ විදේශිකයා හොඳින් බැණුම් අසාගත් අතර කළමණාකරු නැවතත් ඩමියට ඇඳුමක් ඇන්දුවේය. ඩමියට ඇදුම අන්දන විටයි මට තේරුම් ගියේ මෙහි සිදුවී ඇත්තේ කුමක්ද කියා.
කොපමණ තරහා ගියත් පසුව කළමණාකරුටද සිනහා වෙන හැටි දුටිමි.
PAY-Topshop

ජසින්තා නිර්මලී