‍රජුගේ බල්ලා නිසා තාන් හිරෙ

0
53

තායිලන්ත  ජාතිකයෙකුට  පසුගිය 14 වෙනිදා එරට හමුදා අධිකරණයේදි චෝදනා ගොනු කර තිබුණේ සිය ෆේස් බුක් පිටුවේ. පළ කර තිබු කොමෙන්ට් එකක් පදනම් කරගනිමිනි. තායිලන්තයේ නගරයක ඉටුකිරීමට  සංවර්ධන ව්‍යාපෘතියක් පිළිබද සංවාදයකට   ෆේස් බුක් එක හරහා ලයික් (like) එකක් දැමීම  මිලිටරි පාලනය විසින් අර්තගන්වා ඇත්තේ එරට පාලනයට විරැද්ධ වන්නන් ලෙසයි.  ඒ අතර මෙම පුද්ගලයාගේ ෆේස් බුක් පිටුවෙහි පළකර ඇති සුනඛයෙකුගේ ජායාරෑපයක් සම්බන්ධයෙන්ද ඔහුට විරැද්ධව චෝදනා සිදුකර ඇත්තේ තායි රජුගේ සුරතල් සුනඛයාට අපහාස සම්බන්ධයෙනුයි.image

මිලිටරි පාලනය විවේචනය කිරීම දැඩි දඩුවම් ලැබිය හැකි වරදක් වන අතර එරට පවතින හමුදා පාලනය විසින් සෑම පුරවැසියෙකුගේම කිුයාකාරීත්වය නීරික්ෂණය කරමින් ඔවුන් හබායාම හමුදාව විසින් සිදුකරනු ලබයි.

27 හැවිරිදි තාන්කෝන්ට එරෙහිව චෝදනා ගොනුකොට ඇත්තේ පරිඝනක අපරාධ යටතේ 112 වෙනි වගන්තියට එරෙහිව යාමක් ලෙසයි. මීට පෙරද අවස්තා කිපයකදි මෙම නීතිය පදනම් කරගනිමින් මාධ්‍යවේදිනියකට  හා සාමාන්‍ය පුරවැසියෙකු රජුට අපහාස කිරිමේ වරදට  අත්අඩංගුවට ගෙන දඩුවම් පමුණුවා ඇති අතර තාන්කෝන්‍ට නියම කර ඇති මුදල් ඇපය

බාත් 300 000කි.

ඔහු වෙනුවෙන් එරට මානව හිමිකම් සංවිධාන පෙනී සිටිති.

image