මේජර් රාජ් ක්‍රිඩාංගනය ප්‍රාදේශීය දේශපාලනඥයාගේ බූදලයක්ද ?

0
64
ක්‍රිඩංගනයේ වැඩ කැලයට යටවෙමින් ඇති අයුරු
වැට කැලයෙන් යටවි ඇති අයුරු
වැට කැලයෙන් යටවි ඇති අයුරු

රාජ් ක්‍රිඩංගනය 2ලක්ෂ 35 ක් වියදමින් අලුත් වැඩියා කල කුරණ මේජර් රාජ් ක්‍රීඩාංගනයයේ වැට වසරකට පෙර අබලන්ව ඇත මෙම වැට ඉතා හදිසියෙන් ඉදිකිරීමට පටන් ගත්තේ පසුගිය ජනාධිපතිපතිවරණයට නාමයෝජනා ලබාදීමෙන් පසුවය. ජනාධිපති පතිවරණයට අවශ්‍යය ප්‍රචාරණ කටයුතු සදහා ප්‍රාදේශීය දේශපාලකයින් අතට මුදල් පොම්ප කිරීමට කඩිමුඩියේ මෙම ඉදිකිරීම් අආරම්හ කල බවට ඒ දිනවල ක්‍රීඩාංගනයට පැමිණෙන අය අතර කතාබහක් පැතිර තිබුණි

මෙම කොන්ත්‍රාත් කටයුතු සිදුකරන ලද ප්‍රාදේශීය දේශපාලඥයා කිසිදු ප්‍රමිතියකින් තොරව ඉදිකිරීම් සිදුකර තිබීම මෙන්ම නිසියාකාරව නඩත්තු කටයුතු නොකිරීමද මෙම වැට අබලන් වීමට බලපා ඇතිබවත් ක්‍රීඩාංගනයට පැමිණෙන අය ප්‍රකාශ කරති.

මාස හයක් යාමටත් පෙර මෙම වැටෙන් කොටසක් ගලවා ඉවත්කර නව ටෙන්ඬරයක් මගින් යලිත් අලුත් වැටක් ඉදිකිරීම අරඹා ඇත මේ සදහා බස්නාහිර පළාත් සභාවෙන් මුදල් ලබාගෙන ඇතිබව වාර්තථාවේ.
මෙලෙස මහජන මුදල් නාස්ති කරන්නට ඉඩ දෙමින් මිගමුව නගරසභාවේ රජයේ විගණන අංශය කටයුතු කරන නිද්‍රශීලී පිළිවෙත පිලිබදව නගරසබාවේ දුෂණයට එරහි නිලධාරීන් කනස්සල්ල ප්‍රකාශ කරයි

වැට කැඩි ඇති අයුරු
වැට කැඩි ඇති අයුරු

වසන්ත බණ්ඩාර