රාජ්‍ය දේපල බලහත්කාරයෙන් අල්ලගන්න උපදෙස් දුන්න දේශපාලකයා කව්ද ?

0
52

මේජර් රාජ් ක්‍රීඩාංගනයකුරණ මේජර් රාජ් ක්‍රිඩාංගනයට අයත් හිස් බිම් කඩක කිසියම් පිරිසක් අද උදෑසන බලහත්කාරයෙන් නිවාස තනා ඇතැයි වාර්ථා වේ.
මේ තත්වය ගැන පොලිසිය සහ කොමසාරිස්වරයාද දැනුවත් කිරිමට ප්‍රදේශයේ ග්‍රාම නිළධාරි මහතුන් ඇතුළු පිරිසක් කටයුතු කර තිබිම හේතුවෙන් ඉඩම් අල්ලන්නට සැලැසුම් කළ අයෙගේ උත්සාහය අතරමග නතර කර දමන්නට සිදුව තිබේ.
මේ බලහත්කාර නිවාස ඉදිකිරිම සදහා මුල් වු සියළු දෙනා පොලිසියට විසින් රැගෙන ගොස් තිබුණි.
නගර සභා බලධාරින් කිසිවෙකුත් නොසිටි සෙනසුරාදා දිනය මෙම ඉඩම් ඇල්ලිම සදහා යොදාගෙන ඇත්තේ කාගේ හෝ සැලැස්මක් නිසා බව පැහැදිලිය.
දැන් කාගේත් කථාබහට ලක්ව ඇත්තේ මේ ඉඩම් ඇල්ලිමේ ක්‍රියාවලිය පිටුපස සිටින දේශපාලකයා කව්රුද යන්න ගැන විමසිම සදහාය.