වහලෙට නැග්ග කම්කරුවන්ගේ විරෝධතාවය අවසන් !

0
141

2කටුනායක සීදුව නගර සභාවේ ව්‍යාපෘති කම්කරුවන් 22 දෙනෙකු ස්ථිර නොකිරිම හේතුකොට ගෙන අද උදෑසන නගර සභා ගොඩනැගිල්ලේ වහලය මතින් ඇරඹි විරෝධතාවය නව වසරට ගෙන යාමට ඉඩ නොතබා තාවකාලික ජයක් ලබමින් අවසන්ව ඇතැයි වාර්ථා වේ.
ඒ බස්නාහිර පළාත් මහඇමතිවරයා විසින් නගර සභාවේ ලේකම්වරයා වෙත කර තිබුණු පොරොන්දුවක් පදනම් කරගෙනය.
හෙට සිට මේ සියලු කම්කරුවන් හට සේවය කිරිමට අවසර දිමටත් සේවය ස්ථිර කිරිම ඉදිරියේදි කිරිමටත් මහඇමතිවරයා විසින් මෙසේ පොරොන්දුවි ඇතැයි සැලය.