විදෙස්ගත වන්නට පෙර පැවැති සමුගැනිමේ සාදය මරණයකින් කෙළවරවේ ?

0
135

kammala Moyaහෙට 12 දිනයේ තම පවුලේ අයත් සමග රැකියාවට විදේශගත වීමට සිටි අයෙක් බෝලවත්ත කම්මල මුහුදේ යහළුවන් සමග නාමින් සිටියදි ජනවාරි 10 සවස මුහුදේ ගසාගෙන ගොස් අතුරුදහන් වි ඇති බව වෙන්නප්පුව පොලිසිය පවසයි මෙලෙස මුහුදේ ගසාගෙන ගොස් අතුරුදහන් වි ඇත්තේ බුත්ගමුව අංගොඩ ප්‍රදේශයේ පදිංචි ජයවර්ධන කම්කානම්ලාගේ නලින්ද සම්පත් නැමති 31 හැවිරිදි එක්දරු පියෙකි.dead one kammala moya
තම පවුලේ සියලුදෙනා සමග ඊජිප්තුවේ රැකියාවකට යන නිසා රට රැකියාවට යන තෙක් කටුකෙන්ද ප්‍රදේශයේ ඥාති නිවසක නැවති සිටියදි මිතුරන්ට සමූදීමේ සාදයක් සඳහා ගොස් සිටියදි එහි සිටි යහළුවන් තුන් දෙනෙක් හා බෝලවත්ත කම්මල මුහුදු තීරයේ නාමින් සිටියදි මෙම අනතුර වී තිබේ ගිංඔය මුහුදට වැටෙන සුනාමි මෝයකට ආසන්නයේ මුහුද දැඩි අනතුරුදායක තත්වයක පවතින බවත් මෙම තරුණයන් එම අනතුරුදායක තත්වය ගැන අවබෝධයක් නොමැතිව මුහුදට බැසීම නිසා මෙම එම පුද්ගලයාව මුහුදේ ගිලි අතුරුදහන් වි ඇති බව පොලිසිය කියයි.
ඊයේ 10 රාත්‍රිය වන තුරුත් ප්‍රදේශයේ ධිවරයන් හා එක්ව මුහුදේ සොයා බැලුවත් මළ සිරුර සොයාගත් නොහැකි වු බව පොලිසිය කීය ඥාතින්ට සමුදෙන්න ඇවිත් ජිවිතයේ විශාල බලාපොරොත්තු ගොන්නක් පොදි බැඳගෙන විදෙශ් ගත වීමට සිටියදි සිදු වු මෙම අනපේක්ෂිත මරණයෙන් ඔහුගේ බිරිඳ හා ඥාතින් දැඩි කම්පනයකට පත් ව සිටි.

චන්දන ප්‍රනාන්දු