තෝප්පුව ඇල වහපු තුෂාරලාව රකින්නේ කව්ද,,,,???

0
90

2002 සැප්තැම්බර් මාසේ මීපුර පුවත් පතේ මුල් පිටුවේ පුවතක සදහන්ව තිබුනේ මුරැතෑනේ වැලි හාරන ධම්මික නැමැත්තෙකු විසින් පරිසර විනාශය ගැන පින්තුර කිපයක් ගත් ශු.පවුලේ කන්‍යා සොහොයුරියන්ගේ කැමරාවක් පොලවේ ගසා විනාශ කර දමා තිබුණ බවය.

සිස්ටර්ලා ඉන්නේ පල්ලියට වෙලා කොන්තේ කියන්න මිසක්  කෑලෑ අස්සේ මොකද කරන්නේ .ඔය දාල ඉන්න කුරුසෙටත් ලැජ්ජාවක්.මමත් පල්ලිවලට උදව් කරනවා ඒත් මේ වගේ වැඩ නම් දැකල නෑ .කියමින් කන්‍යා සොහොහොයුරියන්ගේ බෑගයේ තිබු කැමරාව උදුරාගෙන පොලවේ ගසා විනාශ කළේය. මේ සම්බන්ධයෙන් කොච්චිකඩේ
පොලිසියට පැමිණිල්ලක් ද සිදු කර තිබුණද සිස්ටර්ලාට කැමරාවක් ලැබුනේ නැත.

පසු කාලයක වැලි ධම්මික  අවාසනාවන්ත ලෙසින් නිවසේ  නානකාමරය තුලදිම
හෘදබාධයකින් පසු කලෙක මියගොස් තිබුණි.

ඉහත සිදුවිම අප වාර්ථා කළේ 2002 සැප්තැම්බර් මාසයේදිය.

2011 ඔක්තෝබර් 8 වෙනිදා කොච්චිකඩේ තවත් පරිසර විනාශයක් සිදුවිය. එනම් මීගමුව හා කටාන ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයන් හරහා දිවෙන තෝප්පුව ඇල මාර්ගය වසා දමා ඊට නුදුරින් වෙනත් ඇල මාර්ගයක් කැපිමයි. එපමණක්ද නොව මා ඔය ඇල රක්ෂිතයද බොරළු පස් දමා පුරවා තිබුණි.

මේ බරපතල නිතිවිරෝධි පරිසර විනාශයන් සිදුකර තිබුනේ තුෂාර සුපර් මාකට්හි හිමිකරු වන තුෂාර නැමැත්තෙකි. එනම් 2002 වසරේ කන්‍යාසොහොයුරියන්ගේ කැමරා පොලොවේ ගසා විනාශ කළ වැලි ධම්මික නැමැත්තාගේ පුතුය.

ඇලක් වැසීම යනු බරපතල නිනිවිරෝධි කටයුත්තකි. එහෙත් ඔහු ව නිතියේ ඉදිරියට ගෙන ඒමට සෑහෙන කලක් ගතවිය. ඒ ප්‍රදේශයේ නිතිගරුක ග්‍රාමසේවා නිළධාරිනියත් අළුතින් කොච්චිකඩේ පොලිසියට පත්ව ආ මුලස්ථාන පොලිස් පරික්ෂක තුමාත් , මීගමුව නව ප්‍රාදේශිය ලේකම්වරයාත් නිසාවෙනි.

මේ අය නොවන්නට ඡන්දය කාලේ මේ ව්‍යාපාරිකයන්ගේ මුදල්වලින් බල්ටි ගැසු දේශපාලකයන්ගේ හයිය ගෙන මා ඔය පවා ගොඩකිරිමට මේ අය සැලැසුම් කරන්නට ඉඩ තිබුණි.