මීගමු කලපුවේ අනවසර ඉදිකිරිමක් ? මීගමුවේ ප්‍රාදේශිය ලේකම් නිහඩයි ?

0
407

general_front_1කොළඹ මිගමුව පාරේ කුරණ ප්‍රදේශයේ ඉදිව ඇති සුපිරි හෝටලයක් විසින් කලපු සිමාවේ කොන්ක්‍රිට් කණු සිටුවා ඇතැයි යන පැමිණිල්ල මීගමුව ප්‍රාදේශිය ලේකම් ඇතුළු අදාල බලධාරින් වෙත දැනටමත් දන්වා යවා ඇත කලපුව සුරැකිමේ පරිසර ක්‍රියාකාරින් පවසති.
එහෙත් මේ සිටුවා ඇති අනවසර කොන්ක්‍රිට් කණු පිළිබදව කිසිදු මැදිහත්විමක් අදාල බලධාරින් විසින් සිදුකර නැතැයි වාර්ථා වේ.
නිමල් ලංසා ඇතුළු ආණ්ඩු පක්ෂය මීගමුවේ කඩොලාන අක්කර 8 ක් කපා විනාශ කළද මීගමුවේ මීට පෙර සිටි මුහන්දිරම් නැමැති ප්‍රාදේශිය ලේකම්වරයා කිසිදු පියවරක් ගත්තේ නැත.
මෙම සුපිරි හෝටලයට ලැබි ඇති අතිසුපිරි දේශපාලන ආවරණය නිසා අදාල බලධාරින් නැසු කන්ව ඇතැයි යන මතයක් මේ වන විටත් මීගමුවේ  කලපු රැකගැනිම සදහා මුල්ව කටයුතු කරගෙන යන කණ්ඩායම් වල මතය විව තිබේ.
සිතියම් ගත ඇලක් වසා දමා කොච්චිකඩේ ප්‍රදේශයේ හෝටලයක් ඉදිකළ අවස්ථාවේදිද ප්‍රදේශිය ලේකම් කාර්යාල නිහඩව බලා සිටියේය.