සම සභාපතිකමට කාවින්ද එපා රන්ජන්ව දෙන්න ?

0
38

Ranjan R 1යහපාලන රජයක් බිහිකිරිමට ගම්පහ දිස්ත්‍රික්කය තුල තිරාණාත්මක වැඩකොටසක් ඉටුකළ මීගමුවට අද සිදුව ඇත්තේ මේ රටේ කිසිදු ආසනයකට සිදුව නැති තරමේ අසාධාරණයකි.
ගම්පහ දිස්ත්‍රික්කය තිරාණාත්මක ලෙසින් දිනවිම සදහා වැඩි ඡන්ද තිස්දාහකට වැඩිප්‍රමාණයක් ලබා දුන් මීගමුවට ජනතාවට අද සිදුව ඇත්තේ තමන් විසින් මීගමුවේදි අන්ත පරාජයකට පත්කරන ලද නිමල් ලංසාව සිය සංවර්ධන නියෝජිතයා ලෙසින් භාරගැනිමටය.
එනම් මීගමුව ප්‍රාදේශිය සංවර්ධන කමිටුවේ සභාපති ලෙසින් යහපාලන රජය ඇමති නිමල් ලංසා පත්කර තිබිමත් සමගින්ය.
මේ සදහා සම සභාපතිවරුන් පත්කරන ලෙසත් ඒ සදහා රන්ජන රාමනායක සුදුසුයැයිද මීගමුවේ ප්‍රබල එජාප ක්‍රියාකාරින් විසින් දැනටමත් යෝජනා කරන්නට පටන් ගෙන ඇත.
එයට හේතුව වි ඇත්තේ ලංසා පවුල හා එකට කන බොන සහ තවත් දැ එකටම කරන දොස්තර කාවින්ද ජයවර්ධනව මිගමුවේ සම සභාපතිකමට ගෙනඒමට මීගමුවේම පිරිසක් කටයුතු කරගෙන යන නිසාය.