සමසමාජ ප්‍රතිපත්ති පවා දි මන්ත්‍රි චාමර කප්පම් කල්ලියකට සහය දීලා ?

0
70

Bribe-People-Iconsමීගමුව බිච් පාක් ටෙන්ඩරය කෙසේ හෝ යළිත් සිය පියා වෙත ලබාදිම සදහා ඇමති නිමල් ලංසා සහ නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසා දිවා රැ නොබලා පසුගිය දිනවල දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබුණි.
බිච් පාක් ටෙන්ඩරය ඇතුළු අනෙකුත් ටෙන්ඩර පරණ අයවලුන් වෙත ලබාදිමට බරපතල ලෙසින් විරෝධය පළකරමින් ටෙන්ඩර නැවතත් අළුතින් ටෙන්ඩර කළ යුතු යැයි ප්‍රතිපත්තිය දැඩිව සිටි මීගමුව මහනගර සභාවේ සම සමාජ පක්ෂයේ චාමර නැමැති නාගරික මන්ත්‍රිවරයා ඊයේ පැවැති (ජනවාරි 14) මහසභා රැස්විමේදි සිය ප්‍රතිපත්ති මුලු මනින්ම පවා දෙමින් බිච් පාක් ටෙන්ඩරය කෙසේ හෝ ලංසා පවුලට ලබාදිම සදහා සිය තිරාණාත්මක ඡන්දය පාවිච්චි කර තිබුණි.
මේ අතර අපගේ ආරංචි මාර්ග පවසා සිටින්නේ මහසභා රැස්විමට පෙර දිනයේ රාත්‍රියේ ඇමති නිමල් ලංසා විසින් නාගරික මන්ත්‍රි චාමර මුණගැසිම සදහා ඔහුගේ නිවසට ගොස් ඇති බවය.
මෙහිදි සිදුව ඇති ගණුදෙනුව ගැන දන්නේ ඔවුන් දෙදෙනාම පමණි.
මීගමුවේ ප්‍රබල සම සමාජ පවුලකින් පැවත එන චාමර  මීගමුවේ පැහැදිලි ලෙසින්ම කප්පම් අයකරනු ලබන කල්ලියකගේ පැවැත්ම සදහා සිය අතඔසවමින් සිය පියාගේ ප්‍රතිපත්තිගරුක සම සමාජ දේශපාලන ජිවිතයම පවා දි ඇතැයි නම හෙළි කිරිමට අකමැති පැරණි සම සමාජ ක්‍රියාකාරිකයෙකු මිපුරට පවසා සිටියේය.