රාජපක්‍ෂ උද්‍යානයේ ෆොටෝ මගඩියක්.?

0
131

Rajapaksha park 1

මීගමුව නගර සභාවට අයත් රාජපක්‍ෂ උද්‍යානයට ඇතුල්වීමට ගාස්තුවක් ගෙවිය යුතුය ලබාගන්නා ගාස්තුවට මුදල් ලබාගන්නා අවස්ථාවේදී ලදුපතක් නිකුත් කිරීම් නගරභාවේ වගකීමකි.මංගල ජයාරූප ගැනීම සදහා ජයාරූප ශිල්පීන් රාජපක්‍ෂ උද්‍යානය භාවිතා කරයි එක යුවළක ජයාරූප ගැනීම සදහා රුපියල් දෙදාහක මුදලක් අයකරනු ලැබේ.

සාමාන්‍යයෙන් විවාහ උත්සව යෙදන දිනවලදී මංගල ජෝඩු කීපයක් ජයාරූප ගැනීමට පැමිණේ. මෙසේ පැමිණන අයගෙන් මුදල් ලබාගන්නා අවස්ථාවේදී ලදුපතක් නිකුත් නොකර ලදුපත ලබාගැනිම සදහා පසුදිනක පැමිණෙන ලෙස දන්වයි.
එයට හේතුව ලෙස උද්‍යානභාරකරුවන් කියාසිටියේ තමන්ට මුදල්බාරගැනීම සදහා අවශ්‍ය රිසිට් පොත් ලබාදී නැති නිසා මුදල් ඊලග වැඩකරන දිනදී නගරසබාවට බාරදී ලදු පත ලබාගතයුතු බැවින් මෙම ගැටලුව පැනනැගී ඇතිබවයි .
මුදල ගෙවන්නේ මනාල යුවළ විසිනි.
ඔවුන් කිසිමදාක ලදුපත ලබාගැනීමට නොපැමිණේ. මේ බව ප්‍රයෝගිකව අධ්‍යයනය කල අයෙකුට මෙම මුදල් වංචා කිරීම පහසු කාරියකි
.
නගරසභාවට ලැබෙන අදායම් නිසියාකාරව ගිණුම් ගතවනවාද සොයා බලා කටයුතු කිරීම රාජ්‍ය නිලධාරීන් වන ගණකාධිකාරී සහ නාගරික කොමසාරිස්වරයාගේ වගකීමකි.
එමෙන්ම සුළු සේවකයකුගේ පැමිණීම පිටවීම වැනි සිල්ලර කරුණු විගණනයට ප්‍රමුකත්වයක් දීමට වඩා ප්‍රමාණාත්මකව වටිනාකමෙන්. වැඩි කරුණු විගණනයට ප්‍රමුකත්වයක් ලබාදීම විගණකාධිපතිගේ නියෝජිතයා වන මීගමුව නගරසභාවේ විගණන අධිකාරීවරයාගේ වගකීමකි

වසන්ත බණ්ඩාර