අල්ලස් කොමිසම මීගමුවේදි පච වුණාද ?

0
119

briberyපසුගිය දිනක මීගමුවේ මහනගර සභාවට පැමිණ අල්ලස් ඔත්තුවක් ගැන රැකගෙන සිටි අල්ලස් කොමිසමේ නිළධාරින් පිරිසක් ඒ මෙහෙයුම අවසන් කොට තිබුනේ නගර සභා සේවකයෙකු අත්අඩංගුවට ගැනිමෙනි.
ඒ නගර සභා සේවකයෙකු විසින්ම එහි සේවය කරන තවත් සේවකයෙකු හට රු 1000 ක් දෙන අවස්ථාවේදි ඒ මුදල ලබාගන්නා අයව අත්අඩංගුවට ගැනිමෙනි.
මිතුරන් වන මේ දෙදෙනා අතර සිදුවුන මේ මුදල් හුවමාරුවේදි ඒ මුදල ලබාගත් පුද්ගලයා විමසා ඇත්තේ ඇයි මචං මට උඹ රුපියල් 1000 ක් දෙන්නේ යනුවෙනි.
නෑ උඹ හෙට ට්‍රිප් එකක් යනවානේ මේක තියාගනින් යනුවෙන් පවසා අදාල පුද්ගලයා මේ මුදල ලබා දි ඇත.
මේ සියලු දර්ශණ නගර සභාවේ CCTV පද්ධතියේ සටහන්ව ඇත.
නගර සභා සේවකයන් දෙදෙනෙකු අතර ඇතිව තිබුණ පුද්ගලික ආරවුලක් හේතුවෙන් රු1000 ක් අතට ගත් පුද්ගලයාව දැන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සිදුවිමට ආදාල සියළු සිදුවිම් දැන් පටිගතව ඇත.
මීගමුවේදි රු ලක්ෂ ගණන් වලින් අල්ලස් ගත් අය පිළිබදව අල්ලස් කොමිසමට ෆයිල් ගොන්නක්ම ලැබි තිබුණද ඒ කිසිවෙකුත් අත්අඩංගුවට නොගෙන පුද්ගලික ආරවුලක් අරභයා අල්ලස් කොමිසම මේ සිදුකර ඇති ක්‍රියාව පිළිබදව මීගමුව මහනගර සභාවේ සමස්ථ සේවකයන්ගේම පිළිකුළ අල්ලස් කොමිසම වෙත මේ වන විටත් එල්ල වි හමාරය.