මෛත්‍රිගෙන් ඇමතිකම් අරගෙන මහින්ද පිළෙන් මල්ලි සටනට කැන්දන ලංසාගේ ඩීල් දේශපාලනය ?

0
101

mahinda_wariyapoal1වයඹ පළාත් සභා මන්ත්‍රී ඩී. බී. හේරත් මහතාගේ වාරියපොල, එළවිටිගම පිහිටි නිවසේදී පැවැත් වූ බව කියන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන පළාත් සභා හා පළාත් පාලන මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් පසුගිය දිනක පැවැති ඇති බව වයඹටුඩේ වෙබ් අඩවිය වාර්ථා කර සිටි. අදාළ සාකච්ඡාව ආරම්භ කිරීමට පෙර ඊට සෙත්පතමින් භික්ෂූන් වහන්සේ විසින් සෙත් පිරිත් සජ්ජායනය කර මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ දෑත්වල පිරිත් නූල් බදින අයුරුද එහි දැක් වේ.
මේ අතර බැසිල් රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ වසින් පළාත් පාලන නියෝජිතයන්ගේ විශේෂ හමුවක් කුරුණෑගල පවත්වා ඇති බවද එම වෙබ් අඩවිය වාර්ථා කර සිටි.
අප විසින් මීට පෙරද වාර්ථා කර තිබුණ පරිදි මීගමුව මහනගර සභාවේ ශ්‍රිලනිප මන්ත්‍රිවරුන්ගෙන් බහුතරයක් දෙනා කියා සිටින්නේ එළඹෙන පළාත්  පාලන මැතිවරණයට ඔවුන් ඉදිරිපත් වන්නේ මහින්ද පිළෙන් බවය.
මීගමුවේ හෝටලයකදි බැසිල් රාජපක්ෂ හා ඇමති නිමල් ලංසා අතර පැවැති හමුවක් ගැන කසුකුසුවක්ද මීගමුව තුල පසුගිය කාලයේ පැවැතිණි.
එමෙන්ම පසුගිය දිනක බැසිල් රාජපක්ෂ මහතාව මුල්‍ය වංචා දුෂණ ඒකකය විසින් කැදවා තිබුණ අවස්ථාවේදි ඔහු අසලින්ම සිටියේ ඇමති නිමල් ලංසාය.
මේ අතර දයාන් ලංසා මහින්ද පිලෙන් මීගමුට තරග කරන්නේ  නම් තමන් වෙනත් පිළකින් තරග කරන්නට යන බවද දැනටමත් ශ්‍රිලනිප මන්ත්‍රිවරුන් පිරිසක් විසින් තින්දු කර තිබේ.
හුලං අත බලා රුවල් දමන්නට උපන්ගෙයි හපනෙක් වු ඇමති නිමල් ලංසාට දැන් කෙසේ හෝ අවැසි වන්නේ මහින්ද පිලෙන් මල්ලි දමා කෙසේ හෝ දිනවා මෛත්‍රිද ගොනාට අන්දවා නගරාධිපතිකරවිමටය.
ඡායා- අමිල වීරරත්න /wayambatoday