ඇමති නිමල් ලංසාට තවත් හෝටලයක් ?

0
42

nimal in actionමීට වසර 10 කට පමණ පෙර දේශපාලනයට සමාන්‍ය චරිතයක් ලෙසින් පැමිණි නිමල් ලංසා අද මීගමුවේ සුපරි පැලැන්තියේ කෝටිපති ව්‍යාපාරිකයෙකුව සිටි.
ඔහු විසින් කෙටි කලක් තුල හෝටල් කීපක්ම මිළට ගන්නටත් සුපිරි පන්තියේ නව හෝටල් ඉදිකරන්නටත් පටන් ගෙන තිබේ.
මේ අතර ඒ ඇතැම් හෝටල් මිලට ගැනිමෙන් ටික කලකට පසු රු කෝටි ගණන ලාභයක් තබාගෙන අලෙවි කළ අවස්ථාද වේ.
මෙවර ඔහුගේ ආයෝජනයේ ප්‍රමාණය රු කෝටි 480 කට ආසන්නය. එනම් රු ලක්ෂ 4800කි.
මීගමුව බිච් පාක් එක සමිපයේ පිහිටා ඇති ටොපෑස් බිච් හෝටලය ඉදිරිපිට ඇති වයිට් රොස් නම් වු කුඩා හෝටලයත් එහි ඉඩමත් රු කෝටි 480 කට ආසන්න මුදලකට මිළට ගැනිම සදහා අත්තිකාරම්ද ගෙවා ඇතැයි සැලය.
මෙම ඉඩම සදහා තවත් ගැනුම්කරුවෙක් විය.
ඒ මෙල්වා දඟර කම්බි ව්‍යාපාරයේ හිමිකරුය.
ඔහු මේ ඉඩම සදහා රු කෝටි 400 කට ආසන්න මුදලකට ලංසුවක් තබා තිබුණි.
මේඅතරේ මේ ගණුදෙනුවට මැදිහත්වු ලංසා පාර්ශවය නිසා මෙල්වා ව්‍යාපාරිකයාද පසු බැස ගොස් ඇත.
ඇමති නිමල් ලංසා විසින් මීට ඉහතදි මිළට ගත් කොකනට් ග්‍රෝව් නම් වු හෝටලය යළිත් කෙටිකලක් තුලදි විශාල ලාභයක්ද තබාගෙන විකුණා දමන ලද්දේද මෙල්වා මුදලාලි හටමය.
මේ බොහෝ ගනුදෙනු තුල සිටින ප්‍රධාන චරිතයක් වන්නේ වැලි සමන්ත නැමැත්තෙකි.
නිමල් ලංසාගේ නිළ බොරළු සපන්නාව සිටි සමන්ත නැමැත්තාද දැන් කෝටිපති ව්‍යාපාරිකයෙකි.