මීගමු ප්‍රාදේශිය සංවර්ධන කමිටුවේ සම සභාපතිත්වය රොයිස් විජිතට !

0
134

roies with galanමීගමුව සවංර්ධන කමිටුවේ සම සභාපතිත්වය මීගමුව එජාප සංවිධායක සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රි රොයිස් විජිත මහතාට හිමිව ඇතැයි වාර්ථා වේ.
ශ්‍රිලංකා නිදහස් පක්ෂය විසින් යෝජනා කර ඇත්තේ ඇමති නිමල් ලංසාගේ නමයි.
පාර්ලිමේන්තු මන්ත්‍රිධුරයක් සදහා පමණක් පිරිනැමෙන මෙම සභාපතිත්වය අගැමති රනිල් වික්‍රමසිංහ මහතාගේ  විශේෂ නම් කිරිමක් ලෙසින් පළාත් සභා මන්ත්‍රිවරයෙකු වන රොයිස් විජිත මහතා හට ලැබි ඇතැයි වාර්ථා වේ.
රාජපක්ෂ රජයේ දැවැන්ත අනුග්‍රහයක සමගින් ක්‍රියාත්මකව වු ඇමතිවරුන් දෙපලක්ද නගර සභාවක්ද මීගමුවේ තිබියදි මීගමුව ආසනය වැඩි ඡන්ද 31000 කින් දිනවන්නට ක්‍රියාත්මක විම මෑත දේශපාලන ඉතිහාසය තුල කැපි පෙනෙන සිදුවිමකි.
මීගමුවට ගැලපෙන සංවර්ධ සැලැස්මක් ඉදිරිපත් කිරිමටත් එය ක්‍රියාත්මක කිරිමටත් පැහැදිලි බලයක් ථෙතිහාසික මැතිවරණ ජයක් තුලින් ලබා තිබෙන මීගමුව එජාප සංවිධායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රි රොයිස් විජිත මේ අනුව හැකිවනු ඇත.
මීගමුව ජනතාව විසින් අන්ත පරාජයකට ලක් කර තිබුණ නිමල් ලංසාගේ අනසක පමණක් පතුරුවන්නට තිබුණ ඉඩ කඩ මේ නිසා අහෝසිවි යෑම ගැන මීගමුවේ එජාප ක්‍රියාකාරින් හට ඇත්තේ  පැහැදිලි සතුටක් බව එජාප ක්‍රියාකාරිහු පවසති.