මීගමුව සංවාරක ව්‍යාපාරයට කළු පැල්ලමක් එක්කල ”රාණි බිච්”ලාගේ කඩවුණු පොරොන්දුව?

0
51

RANIඉන්දියානු සිවිල් සංවිධාන නියෝජිතයන් පිරිසක් අන්තර් ජාලය භාවිතා කරමින් මීගමුවේ රාණි බිච් රිසොට් නම් වු හෝටලයට ඇමරිකානු ඩොලර් 5000 ක් ගෙවා කාමර 19 ක් වෙන්කර තිබුණි.
එහෙත් එහි පළමුව ගිය අදාල සංවිධානයේ කාර්ය මණ්ඩල නියෝජිතයන්ට නිරික්ෂණය වුයේ එකි හෝටලයේ කාමරවල ප්‍රමිතිය පිළිබදව ගැටළු ඇති බවය.
මදුරුවන් මකුණන් වැනි සතුන් එහි සිටි බවට ඔවුහු චෝදනා කරති.
දකුණු ආසියාතික පාර්ලිමේන්තු මන්ත්‍රිවරියන් පවා පැමිණිමට නියමිත මෙම සමුළුව සදහා අදාල හෝටලයේ ඇති ප්‍රමිතිය පිළිබද ගැටළුව ගැන හෝටලයේ කළමණාකාරිත්වයට දැනුම් දි තමන් විසින් ගෙවන්නට යෙදුන මුදල ආපසු ලබාගැනිමට ඉල්ලා සිටියද ඒ මුදල දෙන බව කියමින් අදාල සංවිධාන නියෝජිතයන්ව අවස්ථා කිපයකදිම රස්සියාදු කර ඇතැයි වාර්ථා වේ.
මේ සම්බන්ධයෙන් අප හෝටලයේ කළමණාකරු යොහාන් මහතා දුරකථනයනේ සම්බන්ධ කර ගත්තද අදාල ගැටළුවට පිළිතුරු නොදිම ඔහු එය විසන්දි කළේය.
සංවාරක ව්‍යාපාරය දියුණු කිරිම සදහා මහත් පරිශ්‍රමයක් දරමින් අළුත් ආණ්ඩුව කටයුතු කරගෙන යන  පසුබිමකදි මෙවන් සිදුවිම් එයට මරු පහරයක් විය හැකි බව ශ්‍රි ලංකා සිවිල් සංවිධාන නියෝජිතවරියක් මීපුර වෙබ් අඩවියට පවසා සිටියාය.