”රාණි බිච්” ලා කළු පැල්ලම් ඉවත් කරගනියිද ? හත්පලේ ගා ගනියිද ?

0
192

RANIමීගමුව රාණි බිච් රිසෝට් හෝටලයට ඇමරිකානු ඩොලර් 5000 ක් ගෙවමින් සමුළුවක් සදහා කාමර 19 ක් වෙන්කරගත් දකුණු ආසියාතික සිවිල් සංවිධාන නියෝජිතයන් පිරිසක් මෙම හෝටලයේ කළමණාකාරිත්වයට පවසා  තිබුණේ හෝටල් කාමරවල ප්‍රමිතිය පිළිබද ගැටළුවක් ඇති හෙයින් තමන්ගේ කාමර වෙන්කරගැනිමේ ගිවිසුම අවලංගු කරගන්නට සිදුව ඇති බවය.
එබැවින් අදාල මුදල ඉල්ලා සිටියද පසුව අදාල මුදලින් 75 ක් නැවත ලබාදෙන්නට කැමැත්ත පළ කර තිබුණි.
එහෙත් මෙම සිදුවිම මිපුර වෙබ් අඩවිය මගින් ප්‍රසිද්ධියට පත්කිරිමෙන් අනතුරුව රාණි බිච්හෝටල් කලමණාකාරිත්වය  අදාල සිවිල් ක්‍රියාකාරිණියන් හට දන්වා ඇත්තේ මෙම තොරතුරු වෙබ් අඩවියට ලබාදුන් අයට එරෙහිව අපහාස නඩුවක් දැමිමට කටයුතු කරන බවය.
සංවාරක ව්‍යාපාරයේ නමට කැලලක් නොවන සේ මෙ ප්‍රශ්නය විසදාගත යුතුව ඇතැයි අප විසින් හෝටලයේ හිමිකරුවන්  වෙතද වක්‍ර මාර්ගවලින් පවා දැනුම් දි තිබුණි. හෝටලයේ නමත් මීගමුව සංවාරක පුරයේ නමත් බේරාගැනිමට කටයුතු කිරිමට රාණිහෝටල් බිච් රිසෝට් බලධාරින් අපොහොසත් වෙන ලකුණු දැන් නම් පහල වෙමින් තිබේ.