කුරණ සුපිරි හෝටලයට වැඩ වරදින ලකුණු ?

0
58

general_front_1මීගමුව කොළඹ පාරේ කුරණ ප්‍රදේශයේ කලපුවට යාබදව අළුතින් ඉදිකර ඇති ග්‍රැන්ඩිසා නම් වු හෝටලය විසින් සිදුකර ඇති ප්‍රබල වැරදි 2 ක් අරභයා ප්‍රතිවිපාක විදින්නට අදාල හෝටලයේ බලධාරින්ට සිදුව ඇතැයි වාර්ථාවේ.
මින් එකක් වන්නේ අප විසින් සති කීපයකට කලින් හෙළිකරන්නට යෙදුන කලපුවේ කර තිබෙන නීතිවිරෝධි ඉදිකිරිමය.
සති දෙකක් ඇතුලත එය කඩා ඉවත් කරනොගන්නේ නම් නඩු පැවැරිමට ප්‍රාදේශිය ලේකම්වරයා කටයුතු කරන බවට දැනටමත් මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදි තිබේ.
අනික් කරුණ වන්නේ මෙම හෝටලයේ වැඩබිම තුල ඩෙංගු තිප්පොලක් පැවැතිමයි.
මුදල් ගැන පමණක් කල්පනා කරමින් කඩිනමින් හෝටලයේ කටයුතු නිමකිරිම ගැන පමණක් කල්පනා කළ බලධාරින් එකි වැඩබිම තුල ඩෙංගු බෝවිමට ඇති ඉඩකඩ ගැන කිසිදු තැකිමක් කර නොතිබුණි.
මෙහි ප්‍රථිපලයක් ලෙසින් එහි සේවය කරන සේවකයන්ම 10 කටත් වැඩි ප්‍රමාණයක් මේ වන විට ඩෙංගු රෝගයට ගොදුරුව සිටිති.
මේ තත්වයන් සියල්ලට එරෙහිව මුළු කුරණ ග්‍රාමයම නැගී සිටින්නට ඇති සුදානමක් ගැන මීපුර ට වාර්ථා වේ.
එය තවත් දින කිපයක් තුලදි හෝටලය ඉදිරිපිටටම පැමිණෙනු ඇත.