කුරණ සුපිරි හෝටලයට එරෙහිව ජනතාව පාරට බසිති ?

0
71

gal_thumb_1general_hall_1කුරණ ග්‍රාමයට ඩෙංගු බෝකිරිමට මුල්ව ඇති කුරණ පිහිටි සුපිරි හෝටලයට එරෙහිව ගම්වාසිහු දැවැන්ත විරෝධතාවයක් සදහා සුදානම් වෙමින් ඇති බව මීපුර වේබ් අඩවියට වාර්ථා වේ.
ඉරු දින දිව්‍ය පුජාවෙන් පසු මෙම විරෝධතාවය සුපිරි ග්‍රැන්ඩිසා හෝටලය ඉදිරිපිටදි සිදුකිරිමට ගම්වාසින් තිරණය කර ඇත.
ප්‍රදේශය පුරා ඩෙංගු වසංගත තත්වයක් නිර්මාණය කිරිමට මුල් වැ ඇතැයි කියන මේ හෝටලය සහ අවට ප්‍රදේශය පුරා 2016 ජනවාරි 30 වනදා සවස් වරුවේ විශේෂ  දුමායන වැඩසටහනක්  ක්‍රියාත්මක කිරිමට මීගමුවේ සෞඛ්‍ය බලධාරින් පියවර ගෙන තිබුණි.
නව වසර සදහා කඩිනමින් හෝටලය විවෘත කිරිම අරමුණු කොට ක්‍රියාත්මක වු හෝටල් බලධාරින් එකි වැඩබිම තුල ඩෙංගු තිප්පොලක් නිර්මාණය  වෙමින් පැවැතිම එහෙම පිටින් නොසලකා හැර ඇතැයි ප්‍රදේශවාසිහු චෝදනා නගති.
ගැලිසන් මෝටර්ස් අධිපති ඩන්ස්ටන් ගොළුහේවා මෙම හෝටලයේ ප්‍රකාශිත හිමිකරු වන අතර අප්‍රකාශිත හිමිකරුවන් දෙදෙනෙකුද සිටින බව තතු දන්නෝ පවසති.
මින් එක් අයෙක් දේශපාලකයෙකු වන අතර අනෙකා වන්නේ ඉතාමත් කෙටි කලකින් කෝටිපති ව්‍යපාරිකයෙකු බවට පත්වු ගොඩනැගිලි ද්‍රව්‍ය සපයන්නෙකි.