දුක් කදුඵ, සෝ සුසුම් සහ සාපකිරීම් මැද්දේ විජේකුමාරි දැරිය අවසන් ගමන් යයි ! (ඡායාරූප)

0
155

 

විකල් මනසකින් යුත් හිත් පිත් නැති අමන තිරිසනෙකුට ගොදුරක්ව පසුගිය බ්‍රහස්පතින්දා අකාලයේ සිය ජීවිතයෙන් සමුගන්නට සිදු වූ මාවතගම, මොරොක්වත්තේ 13 හැවිරිදි කාලිමුත්තු විජේකුමාරි දැරිවිය අද පස්වරුවේ අවසන් ගමන් ගියාය.

ඇය ජීවත් වූ මොරොක්වත්තේ පිහිටි පොල්අතු සෙවිලි කළ මුර මඩුවේ පැය විසි හතරකටත් අඩු කාලයක් තැන්පත් කර තැබුණු විජේකුමාරි දැරිවියගේ දේහය පිළිබද ආගමික වතාවත් පැවැත්වීමෙන් අනතුරුව මාවතගම, සීරාදුන්න පොදු සුසාන භූමිය කරා රැගෙන යනු ලැබීය.

දේහය රැගෙන එන අතරමග පිහිටි මොරොක්වත්ත මංසන්ධියට රැස් වී සිටි සිංහල, දමිළ සහ මුස්ලම් ජනවර්ගයන් නියෝජනය කරන දහසකට අධික ජනතාවක් විජේකුමාරි දැරියට යුක්තිය ඉටුකරන ලෙසත් ඇගේ ඝාතකයාට එල්ලුම් ගස නියම කරන ලෙසත් ඉල්ලමින් දැවැන්ත උද්ඝෝෂණයක නිරත වූහ. විජේකුමාරි දැරියගේ දේහය පෙරටුකරගත් ප්‍රදේශවාදීහු මොරොක්වත්ත මංසන්ධියේ සිට සීරාදුන්න පොදු සුසාන භූමිය දක්වා වූ කිලෝමීටර් හතරකට ආසන්න දුරක් විරෝධතා වැකි කියමින් සහ විරෝධතා පුවරු ප්‍රදර්ශණය කරමින් පාගමනින්ම පැමිණියහ.

සුසාන භූමිය වෙත පැමිණීමෙන් අනතුරුව රැස්ව සිටි පිරිසගේ දුක්,සෝ සුසුම් සහ ශාපකිරීම් මධ්‍යයේ විජේකුමාරි දැරිවියගේ නිසල දේහය සීරාදුන්න පොදු සුසාන භූමියෙහි මිහිදන් කෙරිණි.wijekumari2 wijekumari1 wijekumari3 wijekumari5 wijekumari4 wijekumari6 wijekumari7
wijekumari8 wijekumari9 wijekumari10wijekumari11 wijekumari13 wijekumari14 wijekumari12 wijekumari15 wijekumari16 wijekumari17 wijekumari18 wijekumari19 wijekumari20 wijekumari21

Edit