කුරණ සුපිරි හෝටලයෙන් විද්‍යුත් මාධ්‍යකරුවන්ට කප්පම් ?ඩෙංගු පුවත විකාශය නොවේ ?

0
63

DSC00134මීගමුව කුරණ සුපිරි හෝටලය නිසා කුරණ ග්‍රාමයට ඩෙංගු වැලදි ඇතැයි යන පුවත මීගමුව පුරා දැන් පැතිර යමින් තිබුනද එය රටට යාම වැලැක්විම සදහා හෝටලයේ හිමිකරුවන් විසින් මාධ්‍යකරුවන් අමතමින් විවිධ වරදාන ලබාදි අදාල ප්‍රවෘත්තිය රටට යෑම වලක්වා ඇතැයි ප්‍රදේශවාසින් චෝදනා කරති.
මෙම හෝටලයේ එක් ප්‍රකාශිත හිමිකරුවෙකු වන ඩන්ස්ටන් ගොළුහේවා මහතා විසින් ඊයේ දිනයේ මාධ්‍යවේදින් කිපදෙනෙකුටම පුද්ගිලකවමට දුරකථන ඇමතුම් ලබාදි ඇති අතර ඇතැම් මාධ්‍යවේදින්ව හෝටලය තුලටම කැදවා හොදහැටි සංග්‍රහ කොට ප්‍රවෘත්තිය පළනොකරන තැනට කටයුතු යොද ඇතැයි වාර්ථා වේ.dengu protest 6.JPG
ප්‍රදේශයට මහත් තර්ජනයක් ඇතිකළ මේ පුවත එක්තරා මාධ්‍යවේදියෙකු විසින් තමන් සේවය කරනු ලබන විද්‍යුත් මාධ්‍ය ආයතනය වෙත යවා තිබුනද ඉහලින් ලැබි ඇති බලපෑමක් නිසාවෙන් මේ පුවත පළනොවුන බව කියැවේ.
මෙවන් අවස්ථාවලදි මීගමුවේ ප්‍රවෘත්ති පළනොකර සිටිමට වඩාත් ප්‍රසිද්ධියක් උසුලන එක්තරා විද්‍යුත් මාධ්‍යකරුවෙකු හෝටලය තුලට ගොස් සිටි බවද ප්‍රදේශවාසිහු කියති.