ඇමති එනකං පාර අරින්නේ නෑ-කොළඹ හලාවත පාර පැය 6 ක් වසා දමති?

0
49

NGB protest 1තහනම් දැල්ආම්පන්න යොදා මසුන් මැරිම තහනම් කරනු වෙනුවට  ධීවර ඇමතිවරයා විසින් ලිහිල් ප්‍රතිපත්තිවයක් අනුගමනය කිරිම සම්බන්ධයෙන් උතුරේ සිටි දකුණේ ධීවරයෝ දහස් ගණනින් රැස්ව මේ වන තුරුත් මීගමුව මහනගර සභාව ඉදිරිපිට විරෝධතාවයක නියැලි සිටිති.
මේ විරෝධතාවය හේතුවෙන් කොළඹ හලාවත පාර පැය 6 කි තිස්සේ වසාදමා ඇතැයි කියැවේ .
ගිලන් රථ හා පාසැල් ලමුන් රැගත් වාහන වලට පමණක් මේ හරහා ගමන් කිරිමට ලබා දි ඇතැයි උද්ෙඝා්ෂකයෝ කියති.
මේ වන තුරුත් කිසිදු බලධාරියෙකු තමන්ගේ ප්‍රශ්ණය ගැන සාකච්ජා කිරිමට පැමිණ නැතැයි ධීවරයෝ කියති.
ධීවර ඇමැතිවරයාගෙන් පැහැදිලි පිලිතුරක් ලැබෙන තුරු තමන්ගේ සටන නවත්වන්නේ නැතැයි මීපුර වෙබ් අඩවිය අමතා කතා කළ මීගමුවේ ධීවර නායකයෙකු කියා සිටියේය.