ඇමති ලංසාගේ නිවසටත් ඩෙංගු තර්ජනයක් ?

0
87

dengu foggingමීගමුව තුල ඩෙංගු හිස ඔසවමින් තිබේ.
දැනට රොගින් 100 ක් පමණ වාර්තා වි ඇතැයි මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයේ දත්ත වාර්තා දක්වා සිටි.
මින් රෝගින් 20 දෙනෙකුටත් වැඩි ප්‍රමාණයක් වාර්තා වන්නේ කුරණ පිහිටා ඇති සුපිරි හෝටලය තුල සහ ඒ අවට ප්‍රදේශයෙනි.
එනම් වාර්තා වි ඇති රොගින් ගණනින් පහෙන් එකක් වාර්තා වි ඇත්තේ කුරණ ප්‍රදේශයෙනි.
මෙහි අවසනාවත්තම තත්වය වාර්තා වන්නේද කුරණ ප්‍රදේශයෙනි.
ඒ 27 හැවිරිදි එක් දරුමවකට සිය ජිවිතයෙන්ම වන්දි ගෙවන්නට සිදුව තිබිම හේතුවෙනි.
තතු එසේ වෙද්දි මීගමුව ප්‍රාදේශිය සංවර්ධන කමිටුවේ සභාපතිත්වය දරන නියෝජ්‍ය ඇමති නිමල් ලංසාගේ නිවසටත් ඩෙංගු තර්ජනයක් මතුව ඇති වාර්ථා වේ.
මේ හේතුව නිසාවෙන් 2016 පෙබවාරි 02 වනදා සවස 5.45 පමණ ඩෙංගු මදුරුවන් මර්ධනය කිරිම සදහා වන විශේෂ දුමායන වැඩසටහනක් ඇමතිවරයාගේ නිවස අයත් භුමිය තුල සිදුකර ඇතැයි අපගේ ආරංචි මාර්ග සදහන් කර සිටි.
ඩෙංගු මදුරුවා තරාතිරම නොබලන නිසා ඇමති නිවසක් ධුමායන කිරිම පුවතක් නොවුනද දැනට මීගමුව තුල උද්ගතව ඇති ඩෙංගු වංසගත තත්වය හා ඇමති නිමල් ලංසාගේ නමද ගැවි ඇති නිසා මෙම විශේෂ දුමායන වැඩසටන ප්‍රවෘත්තියක් බවට පත්ව තිබේ.
කෙසේ වෙතත් මීගමුව සංවර්ධන කමිටුවේ සභාපතිවරයා හැටියට වර්ධනය වෙමින් ඇති ඩෙංගු අර්බුදයට ඇමති නිමල් ලංසා මුහුණ දිය යුතුවම තිබේ.
එය කිසිසෙත් මහහැර යාමට ඔහුට හැකියාවක් නැත.