යෝෂිත බලන්න ගිය නිමල් ලංසා ඇතුළු නියෝජ්‍ය ඇමති පිරිස රටට කියන පණිවිඩය ?

0
121

yo-mahindaහිටපු ජනපති මහින්ද රාජපක්ෂට ඇති හිතෙශිවන්තකම යළිත් ප්‍රසිද්ධියේම පෙන්වා ලමින් නියෝජ්‍ය ඇමති නිමල් ලංසා ඇතුළු නියෝජ්‍ය ඇමතිවරුන් පිරිසක් පසුගිය දිනක යෝෂිත රාජපක්ෂ බැලිම සදහා ඊයේ (2) වැලිකඩ බන්ධනාගාරයට ගොස්  තිබුණි.
මෙහිදි මාධ්‍යයට අදහස් දක්වමින් ඔවුන් කියා ඇත්තේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය නීතිවිරෝධී ආයතනයක් බවත්, යෝෂිත රාජපක්ෂ ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ දේශපාලනික පළිගැනීමකට බවත්ය.

මෙම අවස්ථාවට රාජ්‍ය ඇමතිනී සුමේධා ජී. ජයසේන මහත්මිය සමග අනුරාධ ජයරත්න, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, නිමල් ලාන්සා, අරුන්දික ප්‍රනාන්දු, අර්ල් ගුණසේකර, සුසන්ත පුංචිනිලමේ, නිශාන්ත මුතුහෙට්ටිගම, රෝහණ දිසානායක ඇතුළු නියෝජ්‍ය ඇමතිවරු කිහිපදෙනෙක් එක්ව සිටියහ.