ලොක්කන්ගේ හෝටල්වල ඩෙංගු කීටයන්ට නඩු නොදාපු මීගමුවේ PHI ලා ට ජනතාවගෙන් අභියෝගයක් ?

0
70
පුස්තකාල ඡයාරූපයකි.
පුස්තකාල ඡයාරූපයකි.
පුස්තකාල ඡයාරූපයකි.

මීගමුව තුල වර්ධනය වෙමින් ඇති ඩෙංගු තත්වය පාලනය කිරිම සදහා මහත් වෙහෙසක් ගනිමින් ක්‍රියාත්මක වෙමින් ඇති මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් දැන් අර්බුදයකට යමින් තිබේ.
එනම් ගමේ 20 කට ඩෙංගු බෝකළ කුරණ සුපිරි හෝටලයට නඩු නොදමා මීගමුවේ වෙනත් කිසිදු නිවසකට ඩෙංගු කිටයන් වෙනුවෙන් නඩු දමන්නට යාමට කිසිදු සදාචාරමය අයිතියක් ඔවුන්ට නැති බැවිනි.
මේ නිසාම මීගමුව නගරයේ බදු ගෙවන ජනයා දැන් සැදි පැහැදි සිටින්නේ මීගමුවේ බදු ගෙවන ජනයාගේ නිවෙස්වලට ඩෙංගු කීටයන් ගැන කියමින් නඩු දමන්නට මේ මහජන සෞඛ්‍ය නිළධාරින් පැමිණෙන තුරුය.
ඇමති ලංසාට අයත් යැයි කියන මේ සුපිරි හෝටලයේ ඩෙංගු තිප්පොල එකිනෙකට පරස්පර අදහස් කියමින් මහජන ජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අර්බුදයකට ගමන් කරමින් සිටිති.